Showing posts with label සුසිල් ප්‍රේමරත්න. Show all posts
Showing posts with label සුසිල් ප්‍රේමරත්න. Show all posts

Thursday, November 13, 2025

මා හදේ ශෝක දේ

මා හදේ 

ශෝක දේ

නෑ සැපතා ජීවිතේ

කර්මෙ පලදී මේ ලොවේ


පෙම් ලොවේ 

මායම් 

දැලහි වෙළුණි මා අහෝ


ආලෙ නොමග මා යවා

මා යවා


කර්මෙ පලදී මේ ලොවේ


මා හදේ ශෝක දේ


දුක සැප දෙක මනු ලොවේ

සාදා දෙන්නෙ අඟනියෝ ...//


මා ප්‍රියා කී දේ බොරු නොවේ

බොරු නොවේ


කර්මෙ පලදී මේ ලොවේ


මා හදේ ශෝක දේ

නෑ සැපතා ජීවිතේ

කර්මෙ පලදී මේ ලොවේ


මා හදේ ශෝක දේ


ගායනය - සුසිල් ප්‍රේමරත්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.


Thursday, October 17, 2024

රන්වන් කරලින් සැදිලා



රන්වන් කරලින් සැදිලා
සැදිලා වෙල් යාය ම පැසිලා
පැසිලා රමණී සිරියා කමනී 
කමනී සිනහ පාලා


රමණී සිනා පාලා
කමනී සිනා පාලා
ආආආ ආආආ //
රමණී සිනහ පාලා


මින්නේරිය ගොවි ජනපදයේ
සංගීතය මඳනල මුසුවේ

මින්නේරිය ගොවි ජනපදයේ
සංගීතය මඳනල මුසුවේ

සිරි සිරි තාලෙන් ඉමිහිරි නඟමින්
සිරි සිරි තාලෙන් ඉමිහිරි නඟමින්

පැතිරේ
පැතිරේ
මෙහි දස අත පැතිරේ


රන්වන් කරලින් සැදිලා
සැදිලා වෙල් යාය ම පැසිලා
පැසිලා රමණී සිරියා කමනී 
කමනී සිනහ පාලා

මල් මාලය සිරි ලකඟනගේ
මින්නේරිය වැව ළඟ සැදුණේ

මල් මාලය සිරි ලකඟනගේ
මින්නේරිය වැව ළඟ සැදුණේ
සමනල ගමනින් සැරසෙන විලසින්
සමනල ගමනින් සැරසෙන විලසින්
සුදිලේ
සුදිලේ
වෙල් යාය ම සුදිලේ

රන්වන් කරලින් සැදිලා
සැදිලා වෙල් යාය ම පැසිලා
පැසිලා රමණී සිරියා කමනී 
කමනී සිනහ පාලා


ගායනය - ලතා වල්පොල සමග සුසිල් ප්‍රේමරත්න
පද රචනය - සරත් විමලවීර
සංගීතය - සුසිල් ප්‍රේමරත්න

තනුව - 
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ දෙවන ලෝක මහා සංග්‍රාමය පැවති සමයේ, Phil Park සහ Harry Parr-Davies නිර්මානය කළ ගීයකින්.
ගීය ගායනා කළේ Gracie Fields.
Wish Me Luck as You Wave me Goodbye නම් එම ගීය, 1939 දී තිරගතවූ Shipyard Sally නම් චිත්‍රපටියට ද යොදා ගැනුණෙන් ගීයට මහත් ප්‍රසිද්ධියක් ලැබුණා.
එම ගීය නිසාම චිත්‍රපටියත් අතිශය ජනප්‍රියත්වයට පත්වූවා.

Sally යන නම ජනප්‍රියත්වයට පත් වුණේ 1931 දී Gracie Fields ගැයූ Sally යන ගීය නිසා.
Shipyard Sally චිත්‍රපටියට එනම යොදාගන්න ඇත්තේ ඒ නිසා වෙන්නැති.
චිත්‍රපටියේ Sally Fitzgerald නමි වූ චරිතයට පණ පෙව්වෙ Gracie Fields.

රන්වන් කරලින් පැසිලා ගීය "හිස් මාස්ටර්ස් වොයිස් HMV ලේබලයෙන් තැටි අංක WN. 112 යටතේ තැටියට නැඟුණා.

මෙන්න ඒ ගීය.



මෙන්න තනුව උපුටා ගත් "Wish Me Luck as You Wave Me Goodbye" යන ගීය...

Wish me luck as you wave me goodbye

Cheerio, here I go on my way

Wish me luck as you wave me goodbye

With a cheer, not a tear, make it gay

Give me a smile, I can keep all the while

In my heart while I'm away

Till we meet once again you and I

Wish me luck as you wave me goodbye


Though I'm going on my way

Don't feel so sad at heart

Keep this lovely moment as a memory apart

And before I go, please whisper soft and low

Just once for me, the words "I love you, dear"


Wish me luck as you wave me goodbye

Cheerio, here I go, on my way

Wish me luck as you wave me goodbye

With a cheer, not a tear, make it gay

Give me a smile, I can keep all the while

In my heart while I'm away

Till we meet once again you and I

Wish me luck as you wave me goodbye


Give me a smile, I can keep all the while

In my heart while I'm away

Till we meet once again you and I

Wish me luck as you wave me goodbye


Singer - Gracie Fields
Songwriters: Harry Parr-davies / Phil Park



1939 දී තිරගතවූ Shipyard Sally චිත්‍රපටියේ අදාල රූප රාමු..


Wednesday, December 14, 2022

සිංහල ජන සංගීත මැවුණා

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා ...//
දළදා පෙරහැර මේ

සිරියා පා සුර ලෝකෙ වාගේ
සිරියා පා සුර ලෝකෙ වාගේ
දැන් පෙරහැර එනවා
දළදා පෙරහැර මේ

වන්නම් කියවෙනවා
රැඟුමන් රඟ දෙනවා
රස හඬ මැද්දේ
ඇත් පෙළ ඇද්දේ
අප කුල්මත් වන්නේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

සාදු සාදුඉහඬ දේ
මල් සුවඳින් පැහැ දේ
ලී කෙළි සෙල්ලම්
ජන ගී වන්නම්
තාලෙට මුසු වන්නේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

ලොවට මහා පුදුමේ
හෙළ දෙරණේ මහිමේ
හැම දන දුටුවේ
පෙරහැර දාටයි
සිංහලයේ උරුමේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

මැණිකෙලා හිනැහෙනවා
සඳ රැස් බැබලෙනවා
පෙරහැර කාලේ
මංගල තාලේ
සෙංකඩගලපුරයේ

සිංහල ජන සංගීත මැවුණා
හේවිසි ගැට බෙර නාද ඇහුණා
දළදා පෙරහැර මේ

ගායනය - සුසිල් ප්‍රේමරත්න, ලතා වල්පොල සහ පිරිස
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - සුසිල් ප්‍රේමරත්න (ජන සංගීත හා හේවිසි නාද මාලා ඇසුරෙන්)
සංගීත අදියුරු - පැට්‍රික් දෙණිපිටිය

ගීතය හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක WN 248 හි අන්තර්ගතයි.


Sunday, March 21, 2021

ආදරේ මට නෑ කියා

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා ...//
ආදරේ මට නෑ කියා

බැන්ද ආලේ බින්දෙ ඈ නම්
ඒ විපාකේ ඈටමයි

මා එපා නම් කවුද එන්නේ
මාව සෙව්වේ ඈ තමයි

බැන්ද ආලේ බින්දෙ ඈ නම්
ඒ විපාකේ ඈටමයි

සුන්දරයි කියලා සිතා
ගින්දරයි ඇවිලූයෙ මා

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා
ආදරේ මට නෑ කියා

ආයෙ ආවත් ආයෙ නාවත්
මා හිතින් ඈ කොන් කළා

ආයෙ ආවත් ආයෙ නාවත්
මා හිතින් ඈ කොන් කළා

කාට කාටත් මේව පාඩම්
වෙන්නෙ නෑ නෑ මං මුලා

මා බැඳුණි නොදැනී දැලේ
මේව දෝ ආලේ බලේ

ආදරේ මට නෑ කියා
කීව නම් මුලදී එයා
වෙන්වෙමී මා කල් තියා ...//
ආදරේ මට නෑ කියා

ගායනය - සුසිල් ‍ප්‍රේමරත්න
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව - දත්තා නායික්
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය

1955 දී භාරතයේ තිරගතවූ "මිලාප්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Yeh baharon ka sama යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
 

"මිලාප්" චිත්‍රපටිය සිංහල දෙබස් කවා, 1956 දී "සල්ලි එපා" නමින් ලංකාවේ ප්‍රදර්ශනය වූවා. එහි  Yeh baharon ka sama යන ගීයේ සිංහල ගීය වූයේ "දේ මෙ ආලෝකා අමා" යන බාලා සරස්වතී ගායිකාව ගැයූ ගීයයි.)

 

හින්දි ගීතය

Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Aasma se rang banke
Bah rahi hai chandni
Aasma se rang banke
Bah rahi hai chandni
Bezubani ki zuban se
Kah rahi hai chandni
Jagti rut ka jaha
Sau na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Raat ke hamrah dhalti
Ja rahi hai zindagi
Raat ke hamrah dhalti
Ja rahi hai zindagi
Sama ki surat pighalti
Ja rahi hai zindagi
Roshni bhujh kar dhua
Ho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama

Aa zara hans kar
Nigaho mein nigahe dal de
Aa zara hans kar
Nigaho mein nigahe dal de
Hasrato ka karwaan
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama
Chand taro ka sama
Kho na jaye aa bhi ja
Yeh baharon ka sama.

यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

आसमा से रंग बांके
बह रही है चांदनी
आसमा से रंग बांके
बह रही है चांदनी
बेज़ुबानी की ज़ुबान से
कह रही है चांदनी
जगती रुत का जहा
सो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

रात के हमराह ढलती
जा रही है ज़िन्दगी
रात के हमराह ढलती
जा रही है ज़िन्दगी
समां की सूरत पिघलती
जा रही है ज़िन्दगी
रौशनी भुझ कर धुआँ
हो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां

ा ज़रा हंस कर
निगाहों में निगाहें दाल दे
ा ज़रा हंस कर
निगाहों में निगाहें दाल दे
हसरतों का कारवां
खो न जाये आ भी जा
यह बहारों का समां
चाँद तारो का समां
खो न जाये आ भी जा
यह बहारों का समां.

Song - Yeh baharon ka sama

Singer - Lata Mangeshkar

Lyricist - Sahir Ludhianvi

Movie - Milap (1955)

 

මේ ගීය හේමන්ත් කුමාර් විසින් ද කේවල ගායනයක් ලෙස බොහෝ අවස්ථා වල ගයා ඇත.




Thursday, January 4, 2018

සනසනු මා

සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා ...//

අනඟගෙ දෝණී
නුඹ ද ශ්‍රියාවී
මදරද කාන්තී
මන කළඹාවී ...//
පෙම් සමිඳේ මේ මා ඔබේ
මේ මා ඔබේ

ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා

ආලෙ මන පිනා සුර සැප දේ ලෝ
රූප ශ්‍රියාවි මගෙ ප්‍රේමා ස්වර්ණලතාවෝ ...//

නාමු පෙම් මූදේ
අපි බාලේ කාලේ
හෝ.... හෝ..
බැන්දාවු ප්‍රේමේ ...//

පෙම් සමිඳේ මේ මා ඔබේ
මේ මා ඔබේ

ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා

ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ ලැටීෂියා පීරිස්
පද -  චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය - සැඟවුණු පිළිතුර (1951)

පෙම් ලෝක රාජිණී

පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
හෝ.. ඕ... ඕ...
ප්‍රේම රජානෝ මේ මාගේ
හෝ.. ඕ... ...//

හර්ද විමානේ
ප්‍රේම නිධානේ
ජීවන රස දේ මේ තිර ආලේ
රූප රැජිණී
මා රූප රැජිණී
රූප රජුනි
මා රූප රජුනි
සඳ වාගේ
සඳ වාගේ
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...

පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
හෝ.. ඕ... ඕ...
ප්‍රේම රජානෝ මේ මාගේ
හෝ.. ඕ...

යෞවන ආලේ
රන් රස වාගේ
ආනන්දේනී ශ්‍රී සැප දේවී ...//

රූප රැජිණී
මා රූප රැජිණී
රූප රජුනි
මා රූප රජුනි
සඳ වාගේ
සඳ වාගේ
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...

පෙම් ලෝක රාජ ශ්‍රී
දේ මනහාර ශ්‍රී
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...
පෙම් ලෝක රාජ ශ්‍රී

ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද -  චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය - සැඟවුණු පිළිතුර (1951)

මනහර ගීත


මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා ...//

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා

ලප නැති සඳ සිරි උවනා
ආලේ පුද දෙමි කරුණා ...//
පෙම්බර සිරියා සුනීල ධාරා
පෙම්බර සිරියා සුනීල ධාරා

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා

සනසනු මා පෙම් පාලා ...//

ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ සමිතා මුදුන්කොටුව
මුල් ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද -  චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය - සැඟවුණු පිළිතුර (1951)

මුල් ගීය මෙහි වෙනත් තැනෙක ඇත.


Manahara Geetha Gayala - Susil Premarathna & Samitha Mudunkotuwa

මනහර ගීත ගයාලා

මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා ...//

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා

ලප නැති සඳ සිරි උවනා
ආලේ පුද දෙමි කරුණා ...//
පෙම්බර සිරියා සුනීල ධාරා
පෙම්බර සිරියා සුනීල ධාරා

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා
සනසනු මා පෙම් පාලා ...//

ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද -  චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය - සැඟවුණු පිළිතුර (1951)




මෙම චිත්‍රපටිය එම වසරේම එනම් 1951 දෙසැම්බරයේ "කුසුමලතා" නමින් දෙමළ දෙබස් කවා තිරගත කරන ලදී. එහි රුක්මණී දේවී රඟපාමින් ගායනා කළ ගී සියල්ල ඇය විසින්ම දෙමළ බසින් ගායනා කරන ලදී.

මහහර ගීත ගයාලා ගීය දෙමළ බසින් මංගල ගීත ලෙස ගැයුමට සහය වූයේ ලුවිස් නම් ගායකයෙකි. ඒ ද්‍රවිඪ ගීය ද මෙහි ඇතුළත් කර ඇත. දුර්වල හඬ තත්වයන් ගැන කමා කරන්න.


කුසුමලතා චිත්‍රපටියෙන් උකහා ගත් ගීයේ රූපරාමු..



සමිතා මුදුන්කොටුව සමගින් සුසිල් ප්‍රේමරත්න ගයන මෙම ගීයේ පසු ගායනයක්, මෙම අඩවියේ වෙනත් තැනෙක ඇති බවද කරුණාවෙන් සලකන්න.