Thursday, January 4, 2018

මනහර ගීත ගයාලා

මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා ...//

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා

ලප නැති සඳ සිරි උවනා
ආලේ පුද දෙමි කරුණා ...//
පෙම්බර සිරියා සුනීල ධාරා
පෙම්බර සිරියා සුනීල ධාරා

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා
සනසනු මා පෙම් පාලා ...//

ගායනය - සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද -  චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය - සැඟවුණු පිළිතුර (1951)




මෙම චිත්‍රපටිය එම වසරේම එනම් 1951 දෙසැම්බරයේ "කුසුමලතා" නමින් දෙමළ දෙබස් කවා තිරගත කරන ලදී. එහි රුක්මණී දේවී රඟපාමින් ගායනා කළ ගී සියල්ල ඇය විසින්ම දෙමළ බසින් ගායනා කරන ලදී.

මහහර ගීත ගයාලා ගීය දෙමළ බසින් මංගල ගීත ලෙස ගැයුමට සහය වූයේ ලුවිස් නම් ගායකයෙකි. ඒ ද්‍රවිඪ ගීය ද මෙහි ඇතුළත් කර ඇත. දුර්වල හඬ තත්වයන් ගැන කමා කරන්න.


සමිතා මුදුන්කොටුව සමගින් සුසිල් ප්‍රේමරත්න ගයන මෙම ගීයේ පසු ගායනයක්, මෙම අඩවියේ වෙනත් තැනෙක ඇති බවද කරුණාවෙන් සලකන්න.

No comments: