Showing posts with label කුමාරදාස සපුතන්ත්‍රී. Show all posts
Showing posts with label කුමාරදාස සපුතන්ත්‍රී. Show all posts

Friday, May 29, 2020

සත්‍යයේ මළගම


ආ...
ආ...
ආ... ආ...

නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි
විෂ පෙවූයේ ඔබයි
හඬා වැළපෙන්නේද අද ඔබයි

ආ...  ආ...  ආ...  ආ...

කල්වාරි ගිරි සිරස මිය ගියේ සත්‍යයයි
පෙළූයේ සත්‍යයයේ හදවතයි
ගැලූයේ සත්‍යයේ රුධිරයයි
ගයා පියසින් පිටව වන වැදී සැඟවුණේ
එදා පිළිකෙව් කෙරූ සත්‍යයයි

අඅඅඅ ආ... ආ...

නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි
විෂ පෙවූයේ ඔබයි
හඬා වැළපෙන්නේද අද ඔබයි

ආ...  ආ...  ආ...  ආ...

මිනිස්කම හදවතේ මලක් සේ පිපෙන දා
සත්‍යයේ හිස නැගෙයි කුරුසියෙන්
සත්‍යයේ හිරු නැගෙයි වන ගැබින්
මිනිස් පා වැඳ පුදා පින් ලබාගනු රිසිව
දෙවියෝද බිමට එති පෙරහැරින්

අඅඅඅ ආ... ආ...

නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළගමට
ගහලයා ඔබයි මේ මරණයේ
හිස ගැසූයේ ඔබයි
විෂ පෙවූයේ ඔබයි
හඬා වැළපෙන්නේද අද ඔබයි

ආ........

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 1994 දී “සුනිල් ගී  22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.



Thursday, May 28, 2020

කපා බිම හෙළා ගහ කොළ

කපා බිම හෙළා ගහ කොළ
තනා මහ විමන් මිහි මත
පුරෙන් පුර දනන් දෙව්පුර අසිරි මවනවා
ඒ මැවුම් දකින දෙවියෝ බියෙන් සැලෙනවා //

උන්හිටි තැන් නැතිවෙලාද
උන් කළ පින් පිරිහිලාද
රුක් දෙවියෝ දණින් වැටී නරන් යදිනවා //

විදා හළ නැණින් පිරිසිඳ
වසා සිටි නුවන් විනිවිද
මිනිස් වග මහා විශ්වය හඹා දුවනවා
දෙව් ලොවින් බසින දෙවියෝ සුසුම් හෙළනවා //

ඇස් අදහා ගන්ට බැරිව
පින් පව් විසඳන්ට බැරිව
ඉරිසියාව යට කරගෙන සාදු කියනවා //

දිනූවෙද මහා සක්වල
ලැබූවෙද මහා සිප් නැණ
දේව අනුහසින් වේදැයි බියක් හිතෙනවා
දණින් හිඳ සුරන් පා යුග නරන් වඳිනවා //

මිනිස් මහිම අඩුවෙලාද
මිනිස් කමට හිනැහුණාද
උනුන් මුව බලා දෙවියෝ අනේ කියනවා //

ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1992 දී “අමල් බිසෝ” කැසට් පටයටත් 1994 දී “සුනිල් ගී  22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

Tuesday, May 26, 2020

හදේ කොතැනක හෝ හිඳී ඔබ


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින් ...//

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ
මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1989 දී “නිම් තෙරක්” කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.
චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

Sunday, May 24, 2020

සීහළේ පිනෙන්



සීහළේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහළේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙළේ එදා නොවී අනුන්ට පෑ අතක් ....//

උන් පැතුම් නොවී එදා අනුන් පිදූ බතක්
උන් ගතේ නොවී එදා අනුන් සැදූ වතක්
දැන් දණින් වැටී විදේශ වන්දනා කළත්
ආදි සීහලේට වැන්දෙ ඒ විදේශයොත්

සීහළේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහළේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙළේ එදා නොවී අනුන්ට පෑ අතක්

උන් ලැබූ නමුත් එදා තම්බපණ්නියක්
නන් විකුම් බෙලෙන් සැදූහ ස්වර්ණ භූමියක්
දැන් අපිත් රකිම්හ මේ අපේ කියා යමක්
ඒ අපේ හිසත් කඳත් මිසක් වෙනින් කුමක්

සීහළේ පිනෙන් උපන් අපේ සීහලූන්
සීහළේ රකින්න පෑ නිසා ගතත් සිතත්
සීහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
සිවු හෙළේ එදා නොවී අනුන්ට පෑ අතක් ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1984 දී “පිනිබර යාමේ” කැසට් පටයටත් 2001 දී “නෑසෙන ගී රස 1” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

දුකම විඳින්නට


දුකම විඳින්නට
දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
මිහි තලයේ දෙවියෝ .....//

උණු දිය කහටින් දෙතොල තෙමා
රළු කළු ගල් වැලි සිරස දරා
සෙවණක් නැතිවද රටට සෙවණ දී
පලංචියේ වඩිනා
මිහිතලයේ දෙවියෝ

දුකම විඳින්නට
දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
මිහි තලයේ දෙවියෝ

හුණු වැලි ගින්නේ පැලුණු දෙපා
මලින් ගඳින් පුදදී බැති පා
පින් ලැබ ගන්නට සැදෙව් පෙළින් පෙළ
අප රකිනා දෙවියෝ
හිණි පාමුල වැඩියෝ

දුකම විඳින්නට
දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
මිහි තලයේ දෙවියෝ

ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1984 දී “පිනිබර යාමේ” කැසට් පටයට ඇතුළත් වුණා.

මලක් වෙලා ඔබ පිපෙන්න


මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න ...//

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න ...//
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න ..//
පවන් රොදක් සේ මා ළඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 දී එය නැවතත් "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයට ද එකතු වුණා.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

Monday, May 18, 2020

සංතාප මාවතේ

සංතාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් ....//

තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ
දැරියක් විඳී තනිවී දෙමංසලේ
නොසැලී රැඳී කඳුළක් ඇගේ නෙතේ
හඬගා කියයි නටබුන් අතීතයේ

සංතාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන්

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

සංතාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටිම්
වෙන්වීම මා ඇගෙන් ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



ගීය ඇතුළත් වූ ඇල්බම
1981 "චන්ද්‍ර මඬල" කැසට් පටය තුළින් දොරට වැඩියා.
1982 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් ගුවන් විදුලි ගී ගොන්නට එකතු වුණා.
නැවත 1998 "නව රිද්ම ගී සොළොස" සංගත තැටිය සහ කැසට් පටයටත් 2001 දී නිකුත්වූ "නෑසෙන ගී රස 1" සංගත තැටිය සහ කැසට් පටයටත් ඇතුළත් වුණා.

මයුරාසන හිඳ

හ්ම්.... හ්ම්ම්... ම්.. ම්ම්
හ්ම්ම්... ම්.. ම්ම්
හ්ම්ම්... ම්.. ම්.

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ
මනු ලෝ සත වෙත පෑව නිතින
සුරකිනු අප සාමිනේ 
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ

සාමයේ චේතනා
රැඳුණු සිතැඟි නෑ මෙදා
ආ.... ආ.... ආ....
දේවනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ
මනු ලෝ සත වෙත පෑව නිතින
සුරකිනු අප සාමිනේ 

මෝහයේ ද්වේෂයේ 
ගිලෙන ලොවට පා තබා
ආ.... ආ.... ආ....
දේවනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ
මනු ලෝ සත වෙත පෑව නිතින
සුරකිනු අප සාමිනේ 
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජණේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ගීතය ඇතුළත්වූයේ 1981 දී නිකුත්වූ සුනිල් එදිරිසිංහයන්ගේ පළමු කැසට් පටය වන "චන්ද්‍ර මඬල" ගී එකතුවටයි.

Friday, May 15, 2020

මලට සුවඳ සේ


මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ ...//
හද සිනාවේ 
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

බමර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ
මා සොයා ඒ 
සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ ...//
හද සිනාවේ 
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

නෙතට නුහුරු කඳුළ නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ
හිරු සිනාවේ
නොහොම් නිහඬ අරුත ආදරේ කියාවී

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ ...//
හද සිනාවේ 
නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1988 "මල් වට්ටියක්" කැසට් පටය ට සහ 2003 දී නිකුත්වූ "Best of Sunil Edirisinghe" සංගත තැටියට ඇතුළත් වුණා.