Sunday, May 24, 2020

මලක් වෙලා ඔබ පිපෙන්න


මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න ...//

ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න ...//
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න ..//
පවන් රොදක් සේ මා ළඟ වෙලී
ජීවිතේ දුක නිවාලන්න

මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩි මේ ගීය, 1984 දී "පිනිබර යාමේ" කැසට් පටයට ඇතුළත් වුණා. 1998 දී එය නැවතත් "නව රිද්ම ගී සොළොස" සංයුක්ත තැටිය හා කැසට් පටයට ද එකතු වුණා.

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.

No comments: