Showing posts with label තු.ව. කුසුම්පාල. Show all posts
Showing posts with label තු.ව. කුසුම්පාල. Show all posts

Friday, November 18, 2022

සිංහ කොඩිය ඉහළ නැගී

සිංහ කොඩිය ඉහළ නැගී කිම ද කියන්නේ
සිංහලයන්ගේ රණ ගී අනුව නටන්නේ
ගංගා ඇළ දොළ නිල් දිය ඔසරි අඳින්නේ
රන්වන් කෙත් පැසී නැමී සෙමෙර සලන්නේ

මෙත් සිලිලයි සමනොල ගිරි හිසින් ගලන්නේ
සද් දහමයි සෙංකඩගල දෙසින් ඇසෙන්නේ
ගල් කණු ළඟ මහා වැව් ළඟ සුවඳ හමන්නේ
මල් දහසක් හෙළ විරුවන් නමට පිපෙන්නේ


සිංහ කොඩිය ඉහළ නැගී කිම ද කියන්නේ
සිංහලයන්ගේ රණ ගී අනුව නටන්නේ

සිඳු රැළ අත් මුදුනෙ තබා අපට වඳින්නේ
සඳුක් හිරුත් කිරණ දෙවා දෙරණ සිපින්නේ

සිංහ කොඩිය සිංහල ගී හඬට නටන්නේ
සිංහලයේ පින්වත් බව ලොවට කියන්නේ


සිංහ කොඩිය ඉහළ නැගී කිම ද කියන්නේ
සිංහලයන්ගේ රණ ගී අනුව නටන්නේ
ගංගා ඇළ දොළ නිල් දිය ඔසරි අඳින්නේ
රන්වන් කෙත් පැසී නැමී සෙමෙර සලන්නේ

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සහ පිරිස
පද - තු.ව. කුසුම්පාල
තනුව - සනත් නන්දසිරි


Friday, August 23, 2019

ප්‍රේම කතාවක චරිත දෙකක්


ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි ...//

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා


ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා


විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

දුක්බර වස්දඬු වැළපෙන වීණා
සවනත පාරණ රාව නැගෙනවා


අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම හිතේ පිරෙනවා


ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග ආචාර්ය දයාරත්න රණතුංග
පද - තු.ව. කුසුම්පාල
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
 
චිත්‍රය ෝර්ජ් කීට් ශිල්පියාේ නිර්මාණයකි.

 පැරණි ගීය

පසු කලෙක කළ ගායනයක්

 

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

Rap Part

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

Rap Part

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

Rap Part

දුක්බර වස්දඬු වැළපෙන වීණා
සවනත පාරණ රාව නැගෙනවා

අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම හිතේ පිරෙනවා

Rap Part

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

Rap Part

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නෑ
සියල්ල සතුටින් හමාර වෙනවා

ආසිරි ගී මැද සීන සැබෑවී
පෝරුව මතුපිට සිත් යාවෙනවා

Rap Part

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි
ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි

ප්‍රේම කතාවක චරිත දෙකක් - අපි
විරහ ගීතයක පේළි දෙකක් - අපි

විරහ ගීතයක පේළි දෙකක් - අපි

Tuesday, May 5, 2015

නෙත ගිය හැම තැන

නෙත ගිය හැම තැන
දළු මල් අභරණ

වසන්ත සමයයි එළඹෙන්නේ //

කොවුලා වෙණ තත
වයමින් දස අත
පෙම් පණිවුඩයයි පතුරන්නේ //

ආදර දිය කඳ සෝ බැමි සිඳ බිඳ ලලිත ලතාවට බැස යනවා //

දුහුල් වලා මැද
සුපුන් සරා සඳ

දැක ඔබෙ වත මට සිහිවෙනවා

නෙත ගිය හැම තැන
දළු මල් අභරණ

වසන්ත සමයයි එළඹෙන්නේ //

දුකින් පිරී ගිය අඳුරු අතීතය යලි නොම එන ලෙස ඇදී ගියේ //

හෙටක් උදාවී
හිතත් පිනා යයි

කිසිදා සොම්නස සිඳී නොයේ //

නෙත ගිය හැම තැන
දළු මල් අභරණ

වසන්ත සමයයි එළඹෙන්නේ //

කොවුලා වෙණ තත
වයමින් දස අත

පෙම් පණිවුඩයයි පතුරන්නේ //

ගායනය- මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය - තු. ව. කුසුම්පාල
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

මෙහි ඇත්තේ මෙම ගීයේ පළමු පටිගත කළ ගීයයි.