Showing posts with label සී. දොන් බැස්ටියන්. Show all posts
Showing posts with label සී. දොන් බැස්ටියන්. Show all posts

Monday, October 3, 2016

පලුපල මල්

පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි ...//

මීරි මීරි නාදෙ තොසා වෙයි
කිර කිර නාදෙ එසේමැයි ...////

පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි

උයන මෙ අරණ සැරී
සපිරි රුසිරි කුමරි සිරීයෙයි ...//

නිලුපුල් අක්ෂි සිරි දෙයි
මාලා මුතු බෙල්ලේ දිළිසෙයි ...////

පලුපල මල් සපිරී
නෙතුරු ඇසුරු බමරු රැසා එයි ...//

ගා‍ය‍න‍ය‍ - එ‍ඩ්‍ව‍ඩ්‍ ජ‍ය‍කො‍ඩි‍
පද - සී. දොන් බැස්ටියන්

සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාරයන් ගේ රොම්ලින් හෙවත් දිව්යර කුසුම නාට්‍ය‍ය‍යේ එන ගීයකි. මේ එම ගීය පසු කලෙක එඩ්වඩ් ගැයූ අයුරුයි.

Monday, April 6, 2015

රූප විරාජ මෝහිනියේ

රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු ..//
නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු
රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු

රතදර මධු බොමි සිත සන්තොසිනේ //

ඒක ඉතාම නපුරුයි
සිරියා වානු බැරී ..//

රූප විරාජ මෝහනියේ
ලොලියා ආලේවනු ...//

වෙනු ශුලා තොප මා කෙරේ ආලය
ප්‍රීති ප්‍රීති වෙමි මෙමා ...//

සම්පතටා
මංගල්ලෙටා
ප්‍රීති ප්‍රීති වෙමි මෙමා ..//

රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු ...//

නීලමනී සේද නයන සොබනා
සුරඟී ආලේවනු ..//

රූප විරාජ මෝහිනියේ
ලොලියා ආලේවනු ...//

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සී. දොන් බැස්තියන් ජයවීර බණ්ඩාර
නෘත්‍ය ගීයකි. ("ෂූලා හෙවත් කපටි බෑනා")