Showing posts with label ලෙළුම් රත්නායක. Show all posts
Showing posts with label ලෙළුම් රත්නායක. Show all posts

Sunday, October 27, 2019

ඊයේ දවස තරම්

ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන් දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

කෙනෙකු නොවෙයි මිහිපිට නම්

සඳ උගුල්ලා අහසින්
ඔබට පෙනෙනා අයුරින්
අරුමැසි කවක් ලියන්නම්
පිබිදී නව ඍතුවක් සේ
කවුරුත් නොගැයූ ආදරයේ
මිහිරිම ගීය ගයන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතිය ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

කෙනෙකු නොවෙයි මිහිපිට නම්

මල් අවුස්සා රහසින්
ගිලිහෙන පෙති ගානේ
කෝටියක් තරම් සිප ගැනුම්
ඇඳ වියනට ඉහළින්
ඔබ තුරුළට හෙළන්නම්

ඊයේ දවස තරම්
හෙට දවසත්
සුන්දර වේ මැයි
යුවතියෙ ඔබම තරම්
හැගුමන්
දුන් මනකල්
කෙනෙකු නොවෙයි මිහිපිට නම්

කෙනෙකු නොවෙයි මිහිපිට නම්

ගායනය - ලෙළුම් රත්නායක
පද රචනය - චාමින්ද රත්නසූරිය
තනුව හා සංගීතය - කසුන් කල්හාර


Eeye Dawasa Tharam - Lelum Rathnayaka

Saturday, May 23, 2015

පාන තියා

පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත් ඉස්කෝලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාවවත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිංගේ තුළ කළුවර වෙයි පුරුදු එළිය ළඟ එනවා
කොළඹට යන කාටත් තිසරණ පතලා
මේං වැන්ද ජය ලැබෙන්ට අත් බැඳලා

පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා

ඊළඟ නැවතුම ආවම බැහැල යනව නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පිං සළකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

පාන තියා බුදු සාධුට හිමිදිරියේ
හැමදා දෙන්නා
ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
කෝච්චියේ විරිඳු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා

අපි කෝච්චියේ විරිඳු කියන්නට එනවා ..///

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ ලෙළුම් රත්නායක
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආනන්ද ගමගේ

අඹයාළුවෝ ටෙලි නාට්‍යයෙන්..

Anyone who has the link can play this song in your "Smart Phone"

Thursday, December 5, 2013

ඔබ නිසා



අනිමිසලෝචනයෙන් ඔබ දෙස
යුගාන්තය තෙක් වුව
බලා සිටිය හැක මට
මා සෙනෙහසේ
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
ඔබ නිසා

බොහෝ සැතපුම් දිවි මං ගෙවා
නොතිත් මං ලොව
සැරිසරා වෙහෙස වුණ සිත
නිවා සනසනා ඔබේ දෙස
යුගාන්තය තෙක් වුව
බලා සිටිය හැක මට
සදා නොමියෙනා
සෙනෙහසේ සුවඳ ඔබ නිසා
සෙනෙහසේ සුවඳ ඔබ නිසා
ඔබ නිසා

අනිමිසලෝචනයෙන් ඔබ දෙස
යුගාන්තය තෙක් වුව
බලා සිටිය හැක මට
මා සෙනෙහසේ
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
අපූර්ව ප්‍රතිමූර්තිය ඔබ නිසා
ඔබ නිසා
ඔබ නිසා ///////

ගායනය හා සංගීත නිර්මානය - ලෙළුම් රත්නායක
ගී පද - චාමින්ද රත්නසූරිය