Showing posts with label යමුනා විනෝදනී. Show all posts
Showing posts with label යමුනා විනෝදනී. Show all posts

Thursday, August 8, 2019

රෑ කළු කඩතිරය ඉරා


රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

කිචිබිචියේ කුරුලු ගීත
තුරුලිය පත් සලන රාව ...//

ගලන දොලේ ගී නාදය
සවන් යොමා නැළවෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා

තුරු සෙවණක සැඟවීලා
සිසිලස විඳ මඳපවනේ ...//

දිනෙන් බිඳක් තොලගාමින්
ගිමන් නිවා සැනසෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

ගායනය - යමුනා විනෝදනී
පද - ගාමිණී ගුණරත්න
තනුව - ඩී.ආර්. පීරිස්

Tuesday, July 23, 2019

ඈත හිනැහෙන තාරකාවී

ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන

කතා කරනා ඔබේ නෙත් මත
මගේ රූ සිතුවම් මවන්නම්


නෙතට ළංවී හිඳින මොහොතේ
සුසුම් ලා ඉන්නේ කුමකටදෝ

වෙන කවුරුවත් නැති මං තලාවක
ඇවිදගෙන යමු නිසංසල යාමේ


ළදළු මුව මත සීත පින්නේ
ළහිරු එළියෙන් මුවාවී ගෙන

මගේ උණුසුම් සුසුම් සෙවණක
මිලින කඳුළක් හිනහුනාවේ


පවන් සලනා සොඳුරු මඳනල
මා හදේ රැන්දූ සෙනෙහසේ

ඔබ වාසනාවන් සුන්දරාවිය
දිවි තලාවේ අරුත දුන්නාදෝ


ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන
කතා කරනා අපේ නෙත් මත
සොඳුරු සිතුවම් පෙමින් හමුවේ


ගායනය - යමුනා විනෝදනී සමග දයාරත්න පෙරේරා
පද - කුසුම් පීරිස්
තනුව - තිස්සසිරි පෙරේරා

අසුරු සැණින් එක මොහොතකදී



අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑවී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට ....//
මතු යම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුළ දරණ දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට ...//
එක සෙවණක දී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

ගායනය - යමුනා විනෝදනී
පද - කුසුම් පීරිස්
තනුව - ලෙස්ලි අශෝකා


 පැරණි ගීය


නව ගීය

Friday, September 30, 2016

ඔබ ළංවී මා අමතන මොහොතේ

ඔබ ළංවී මා අමතන මොහොතේ
හද අවිවෙකයි නෙතට විවේකයි
ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන
ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි

පිබිදුණු දෑසක කඳුළ උපද්දා
පෙම් කළ හිතකට වෛර කලාවද
වෛර කළේ නැත
දුරස් වුණේ නැත
දොඩමළු ලොවකින්
මුවා වුණා මම

ඔබ ළංවී මා අමතන මොහොතේ
හද අවිවෙකයි නෙතට විවේකයි
ප්‍රේම නිම්නයේ දෝංකාර දෙන
ආදරයේ හඬ මිහිරියි සොඳුරුයි

දැනුණාදෝ හද සුසුම් හෙළූ බව
ඇහුණාදෝ සෝ ළතැවුල් ගීතය
දැනුණා ඇසුණා
ආදරයේ හඬ
වසන්තයේ රැඳි
වසත් ගීය ලෙස

වසන්තයේ ආ වසත් ගීය ඔබ
වසත් ගීය රැඳි වසන්තයයි ඔබ ...////.

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ යමුනා විනෝදනී
පද - කුසුම් පීරිස්
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි