Thursday, August 8, 2019

රෑ කළු කඩතිරය ඉරා


රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

කිචිබිචියේ කුරුලු ගීත
තුරුලිය පත් සලන රාව ...//

ගලන දොලේ ගී නාදය
සවන් යොමා නැළවෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා

තුරු සෙවණක සැඟවීලා
සිසිලස විඳ මඳපවනේ ...//

දිනෙන් බිඳක් තොලගාමින්
ගිමන් නිවා සැනසෙන්නයි

රෑ කළු කඩතිරය ඉරා
යළි හෙට හිරු නැගෙන තුරා
නෙත් දල්වා මා ඉන්නේ
ලොව ලස්සණ දැක ගන්නයි
ලොව ලස්සණ දැක ගන්නයි

ගායනය - යමුනා විනෝදනී
පද - ගාමිණී ගුණරත්න
තනුව - ඩී.ආර්. පීරිස්

No comments: