Showing posts with label හරුන් ලන්ත්‍රා. Show all posts
Showing posts with label හරුන් ලන්ත්‍රා. Show all posts

Friday, September 11, 2026

පාළු සිතේ සුළි

පාළු සිතේ සුළි නංවා ඇයි

ළපටි ළයක් කිති කැව්වේ


යෞවන පෙම් සිත පාරා ඇයි

පෙම් කැකුළක් නැටවෙව්වේ


චංචල සිත ඉඟි බිඟි පා 

අද නිශ්චල ගීත ගයන්නා

ඇයි ළපටි ළයක් කිති කැව්වේ 


යෞවන පෙම් සිත පාරා ඇයි

පෙම් කැකුළක් නැටවෙව්වේ


ගැහි ගැහි නැටවෙන හර්දේ

මගෙ ලැජ්ජාවෙන් ඔහෙ පැද්දේ ....//

ආලෙහි සංඥා සද්දේ එය

ආලෙහි සංඥා සද්දේ 


නව යෞවන පෙම් ලෝකේ 

ඇයි පෙම් කැකුළක් නැටවෙව්වේ


පාළු සිතේ සුළි නංවා ඇයි

ළපටි ළයක් කිති කැව්වේ


මිලන මධුර ගී නාදේ

දස අත රැව් පිළිරැව් දේ ....//

නිල් මිණි පෙම් තරු ඔප වී //


පාළු සිතේ සුළි නංවා ඇයි

ළපටි ළයක් කිති කැව්වේ

යෞවන පෙම් සිත පාරා ඇයි

පෙම් කැකුළක් නැටවෙව්වේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග හරූන් ලන්ත්‍රා 

පද - සිරිසේන විමලවීර

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.


Saturday, March 14, 2026

නැන්සී පුංචී කාලේ

නැන්සී පුංචී කාලේ
දැම්මා මට මාලේ

පස්සේ ඒකි දිව්වා

යැංකියෙකු පාරේ ....//

නැන්සී පුංචී කාලේ


යැංකියට දුන්න මම ඩොන්කියාට වාගේ

මං හිර බාරේ

නැන්සි යැංකි ආලේ

ඔව් නැන්සි යැංකි ආලේ


අත්තා මුත්තා කාලේ

මට පප්පා දුන්න මාලේ

බැන්දා මගේ  ප්‍යාරිගෙ

ගෝමර බෙල්ලේ

අත්තා මුත්තා කාලේ


ඒකි මට පෙන්නල බොරුවට ආලේ

හොර මිනිහෙකුටත් දැම්මා මාලේ

අයියෝ දැම්මා මාලේ  .....//


මට ඉව වැටුණා

ඒකිට දැනුණා

ඈ පැන දිව්වා මං ලුණු බත් කනවා

කොහොමද මාලේ


ඕ.. ඔඕ... ඔඔඕ...


ලෝක විනාසෙට මහ බඹු මැව්වා වූ මේ

ගෑණි තමයි ඒ ජලකර බෝම්බේ

ර්ර්ර්... ජලකර බෝම්බේ


නොදෝමකින් චී 

අරහං තුහ් තුහ්

නොපතන් හිරගේ

කොපතන් ගෑණූ

නොදෝමකින් චී 


ගායනය - හරූන් ලන්ත්‍රා

පද - සිරිසේන විමලවීර

සංගීතය- ටී.එෆ්. ලතීෆ්


1957 දී තිරගවූ "සිරකරුවා" චිත්‍රපටියේ ගීයකි.


1954 දී භාරතයේ තිරගතවූ "Saltanat" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගායනා කළ "Hum The Intezar Mai" යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.



ඉහත ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙස ස්ථාපිතයි.


තනුව උපුටා ගත් හින්දි ගීතය

hum the intzaar me ghayal tere pyar me

bichade hue balama mil gaye bahaar me

hum the intzaar me ghayal tere pyar me

bichade hue balama mil gaye bahaar me

hum the intzaar me


mausam mjedaar tha tabiyat bekraar thi

tum nahi the sath me chandani bekar thi

ho chandani bekar thi

mausam mjedaar tha tabiyat bekraar thi

tum nahi the sath me chandani bekar thi

ho chandani bekar thi

sawan se papihe ki pyar ki pukar me

bichade hue balama mil gaye bahaar me

hum the intzaar me


do dilo ke saaj pe ek raag ched do

zindagi hsi ho wo bhi bairag ched do

do dilo ke saaj pe ek raag ched do

zindagi hsi ho wo bhi bairag ched do

geet hai sitaar me dard taar taar me

bichade hue balama mil gaye bahaar me

hum the intzaar me


main solah singaar me taaro bhari raat hu

pushp me doobi hui pyar ki sogat hu

main pyar ki sogat hu

main solah singaar me taaro bhari raat hu

pushp me doobi hui pyar ki sogat hu

main pyar ki sogat hu

jhumati hu raat bhar taaro ki kataar me

bichade hue balama mil gaye bahaar me

hum the intzaar me

hum the intzaar me ghayal tere pyar me

bichade hue balama mil gaye bahaar me

hum the intzaar me


Singer - Asha Bhosle

Lyricist - Gopal Singh

Music - Chitragupt

Sultanat (1954)


Saturday, July 30, 2022

පුන් සඳ පායා රන්තරු අහසේ

පුන් සඳ පායා රන්තරු අහසේ
දිලිසෙයි ටිකි ටිකි ගා
රෑ දෙව් දූගේ රන් පට සේලේ
නිල්මිණි ඒව තමා

ඔබ මුව කමලේ
නෙත් සඟලේ
ඒ නිල්මිණි ඔබලා
දැන් ඒ දිලිසේ මා හද මඬලේ
ඝණ රන් තරු පරදා

නුරා ගීත අස්සේ
සඳ රැස් ගලා බසිද්දී ...//

රුවන් ලතාවක් සේ
ඔබ නෙත් කොණින් බලද්දී ...//

මෙච්චර ලස්සන සුන්දර ලෝකය
මා සියසින් දැක්කා
ගස් වැල් මල් තරු නිල්වන් පළතුරු
පැද්දි පැද්දි නටනා

ආ..
පෙම් ලොව පෙම් තරු
පෙම් තරු දෙකක් ගිලිහි වැටුණා
මංගල ලෝකෙහි මංගල සීනුවෙ
ටිං ටිං හඬ නැඟුණා

පෙම් සුවඳින් නෑවී පෙම් සුළඟක් ආවා //

පෙම් යුවලක් වටලා පෙම් බැම්මක් දැම්මා //

රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
රත්නපුරේ හිරගෙයි

ආ..
රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
රත්නපුරේ හිරගෙයි

ප්‍රේම කුරුලු නාදේ මැද ප්‍රේම කූඩු සෑදේ //

ප්‍රේම මිහිර නෑවී ඉන් ප්‍රේම ගීත පෑදේ //

පුන් සඳ පායා රන්තරු අහසේ
දිලිසෙයි ටිකි ටිකි ගා
රෑ දෙව් දූගේ රන් පට සේලේ
නිල්මිණි ඒව තමා

ඔබ මුව කමලේ
නෙත් සඟලේ
ඒ නිල්මිණි ඔබලා
දැන් ඒ දිලිසේ මා හද මඬලේ
ඝණ රන් තරු පරදා
රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
මා හද මැදුරේ දොයි

ගායනය - හරූන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද - සිරිසේන විමලවීර
තනුව - මේ ගී තනුව පිළිබඳව දැනගන්න
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
චිත්‍රපටිය - මා ආලේ කළ තරුණිය

1959 දී භාරතයේ තිරගතවූ Dil Deke Dekho චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, Dil Deke Dekho Dil Deke Dekho යන ගීයෙන් තනුව උපුටා ගත් බව පැහැදිලිය.
මේ තනුවට නිර්මාණයවූ ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ, Dekho Kasam Se Kahate Hain Tum Se නම් ගීයක් ද තිබෙනවා Tumsa Nahin Dekha (1957) චිත්‍රපටියේ.



සිංහල ගීයේ සිනමා රූප රාමු.
<ල style="font-family: "malithi web", sans-serif; font-size: 14.85px;">

මේ තනුවටම ගැයෙන තවත් සිංහල ගීයකි "මං පොඩි කාලේ දක්කට පස්සේ දැක්කෙ අදයි ඔයා" මේ අඩවියේ එම ගීයද තනුව පිළිබඳ විස්තර ද ඇතුළත් ය. මෙතනින් ඊට පිවිසිය හැක.

Sunday, March 14, 2021

ආනන්ද මේ රෑ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ
කවුද පාවෙන මලක් වගෙයිනේ
ඕ... ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී

ආනන්ද මේ රෑ හරි හැඩයි නේ

ඕ ඕ ඕ ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

මාගේ සෙනේහේ
මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ 
ආශාව මාගේ

ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

ඕ... නගරේ සියල්ලෝ 
නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ 
නිදන්නෙ නැහැනේ

නගරේ සියල්ලෝ 
නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත 
බැඳේවි රහසේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

කියන්න වාගේ 
අහන්න හැකි දේ 
කියාවි දෙනෙතින් 
ඔයාගෙ මිහිරේ

ඕ ඕ... ඕ... ඔඔඔඔ ඕ..

ඕ.. ඔබෙ සිතුම පැතුමයි 
මා සිතුවෙ පැතුවේ
ඔබ මාගෙ පිනටයි 
උපන්නෙ මෙලොවේ

ආලෝකෙ නගරේ 
ආලේට අපගේ
ආලෝකෙ දෙන්නේ 
සුභ මංගලම් වේ

ආනන්ද මේ රෑ හරී හැඩයි නේ

ඕ ඕ ඔඔඔඔ ඕ.. ඕ..
ඔඔඔඔ ඕ..
ඕ ඕ... ඕ... 

ගායනය - හරූන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද රචනය - සිරිල් ඒ. සීලවිමල 
තනුව - ජී.එස්. කෝලි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.

1963 දී තිරගතවූ "ෂිකාරි" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ "Agar Main Poochhoon Jawaab Doge" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Agar mai puchhu jawaab doge
Dil kyo meraa tadap rahaa hai
Tere hi dil me hai pyaar kuchh kuchh
Mere bhi dil me zaraa zaraa hai
Agar mai puchhu jawaab doge

Buraa na maano, to apane haatho
Ye bikhari zulfe, sanvaar du mai
Hasin palako ki chhaanv me ab
Ye saaraa jivan guzaar dun mai
Ye dil ki baate koi na sun le
Sanam zamaanaa badaa buraa hai
Agar mai puchhu jawaab doge

Nazar bachaa ke, agar mai jaau
To meraa daaman, naa thaam lenaa
Koi jo puchhe ye kyaa havaa hai
Kabhi bhi meraa naa naam lenaa
Lagaa ke dil se rakhege ham to
Ye dard teraa diyaa huaa hai
Agar mai puchhu jawaab doge

Ye thadi thadi, machalati lahare
Hamaare dil ko, jalaa na jaae
Uthi hai tufaan dil-o-nazar me
Kise bachaae kise sabhaale
Na chain tumako naa hosh hamako
Ye kyaa huaa hai ye kyaa huaa hai

Agar mai puchhu jawaab doge
Dil kyo meraa tadap rahaa hai
Tere hi dil me hai pyaar kuchh kuchh
Mere bhi dil me zaraa zaraa hai
Agar mai puchhu jawaab doge

अगर मैं पूछूं जवाब दोगे
दिल क्यों मेरा तड़प रहा है
तेरे ही दिल में है प्यार कुछ कुछ
मेरे भी दिल में ज़रा ज़रा है
अगर मैं पूछूं जवाब दोगे

बुरा न मानो
ये बिखरी जुल्फें
हसीं पलकों की छाँव में अब
ये सारा जीवन गुजार दूँ मै
ये दिल की बाते कोई न सुन ले
सनम ज़माना बड़ा बुरा है
अगर मैं पूछूं जवाब दोगे

नज़र बचा के
तो मेरा दामन
कोई जो पूछे ये क्या हवा है
कभी भी मेरा ना नाम लेना
लगा के दिल से रखेंगे हम तो
ये दर्द तेरा दिया हुआ है
अगर मैं पूछूं जवाब दोगे

ये थोड़ी थोड़ी
हमारे दिल को
उठी है तूफ़ान दिल-ो-नज़र में
किसे बचाए किसे सभाले
न चैन तुमको ना होश हमको
ये क्या हुआ है ये क्या हुआ है

अगर मैं पूछूं जवाब दोगे
दिल क्यों मेरा तड़प रहा है
तेरे ही दिल में है प्यार कुछ कुछ
मेरे भी दिल में ज़रा ज़रा है
अगर मैं पूछूं जवाब दोगे

Song - Agar Main Poochhoon Jawaab Doge
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricists - Farooq Qaiser
Composer - G.S. Kohli
Movie - Shikari (1963)

Monday, December 24, 2018

රත්තරන් කූඩුවේ



රත්තරන් කූඩුවේ
ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඉන්නෙ මම තමයි

සුන්දරයි ජීවිතේ
ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි //

මල් විනෝද බල බලා
ඈත අහසෙ පියඹලා ....//
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ //

මල් විනෝද බල බලා
ඈත අහසෙ පියඹලා ....//
ගී ගයන්න එන්න යන්න රන් කිරිල්ලියේ //

රත්තරන් කූඩුවේ
ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඉන්නෙ මම තමයි

සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි //

විලඳ මී පැණීන් අනා
කිරි දියෙන් කවා පොවා  ...//
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ //

විලඳ මී පැණීන් අනා
කිරි දියෙන් කවා පොවා  ...//
මේ බලන්න මා සිටින්නෙ රන් විමානයේ //

රත්තරන් කූඩුවේ
ඉන්න රන් කිරිල්ලියේ
දැන් ඔයා‍ගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඉන්නෙ මම තමයි

සුන්දරයි ජීවිතේ ඉන්නෙ රන් විමානයේ
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි
දැන් ඔයාගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි
දැන් ඔයාගෙ දුකට සැපට ඉන්නෙ මම තමයි
ඔව් ඔයාගෙ දුකට සැපට හිටියෙ මං තමයි

ගායනය - හරූන් ලන්ත්‍රා සහ විජිත කුසුම් ලියනගේ
පද - ඇලෝයි ගුණවර්ධන
තනුව - ප්‍රේමසිරි කේමදාස

Monday, February 27, 2017

ගංගාවේ නීල ජලේ

ඕ... ඔඔ ඕ... ඕ... ඔඔ ඕ... ඕ... ඕ... ඕ...
ඕ... ඔඔ ඕ... ඕ... ඔඔ ඕ... ඕ... ඕ... ඕ...

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ ..//

මුතු බෙල්ලගේ මුතු
කිමිදී ගොඩ ගෙනා යුතු
මල් වාගේ වැලේ පිපේදෝ ....//

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

හමනා සුළං පොදේ
කන්දේ තුරු හිසේ වැදී
බාධ වෙලා හමා නොයාදෝ ...//

ලන්ද උඩින් එබෙන සඳේ
රැස් නොහෙළාදෝ ..//

කුමුදාකරේ සිනා උදා නොවේදෝ
උදා නොවේදෝ
උදා නොවේදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

දහසක් පෙරුම් පුරා
පැතුම් කිරුළ හිසේ දරා
වෙහෙසෙන්නා පරාදවේදෝ ...//

නෙත් පෙනෙතොත් බාධා රැසක්
පාර වැසේදෝ ..//

පවනෙන් කුසුම් ලතා නැමී නොයාදෝ
නැමී නොයාදෝ
නැමී නොයාදෝ

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ ..//

මුතු බෙල්ලගේ මුතු
කිමිදී ගොඩ ගෙනා යුතු
මල් වාගේ වැලේ පිපේදෝ ..//

ගංගාවේ නීල ජලේ
රැල්ල බිඳී වැල්ලෙ කිඳී
මෙල්ල වෙවී ආපසු ඒදෝ
මෙල්ල වෙවී ආපසු ඒදෝ

හෝ... ඕ ඔ ඕ... ඕ ඔ ඕ... ඕ ඔ ඕ...

ගායනා - හරුන් ලන්ත්‍රා සහ සුජාතා අත්තනායක
පද – කරුණාරත්නඅබේසේකර
තනුව - සිසිර සේනාරත්න
1968 දී තිරගත වූ පුංචි බබා චිත්‍රපටියේ ගීයකි.