Saturday, July 30, 2022

පුන් සඳ පායා රන්තරු අහසේ

පුන් සඳ පායා රන්තරු අහසේ
දිලිසෙයි ටිකි ටිකි ගා
රෑ දෙව් දූගේ රන් පට සේලේ
නිල්මිණි ඒව තමා

ඔබ මුව කමලේ
නෙත් සඟලේ
ඒ නිල්මිණි ඔබලා
දැන් ඒ දිලිසේ මා හද මඬලේ
ඝණ රන් තරු පරදා

නුරා ගීත අස්සේ
සඳ රැස් ගලා බසිද්දී ...//

රුවන් ලතාවක් සේ
ඔබ නෙත් කොණින් බලද්දී ...//

මෙච්චර ලස්සන සුන්දර ලෝකය
මා සියසින් දැක්කා
ගස් වැල් මල් තරු නිල්වන් පළතුරු
පැද්දි පැද්දි නටනා

ආ..
පෙම් ලොව පෙම් තරු
පෙම් තරු දෙකක් ගිලිහි වැටුණා
මංගල ලෝකෙහි මංගල සීනුවෙ
ටිං ටිං හඬ නැඟුණා

පෙම් සුවඳින් නෑවී පෙම් සුළඟක් ආවා //

පෙම් යුවලක් වටලා පෙම් බැම්මක් දැම්මා //

රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
රත්නපුරේ හිරගෙයි

ආ..
රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
රත්නපුරේ හිරගෙයි

ප්‍රේම කුරුලු නාදේ මැද ප්‍රේම කූඩු සෑදේ //

ප්‍රේම මිහිර නෑවී ඉන් ප්‍රේම ගීත පෑදේ //

පුන් සඳ පායා රන්තරු අහසේ
දිලිසෙයි ටිකි ටිකි ගා
රෑ දෙව් දූගේ රන් පට සේලේ
නිල්මිණි ඒව තමා

ඔබ මුව කමලේ
නෙත් සඟලේ
ඒ නිල්මිණි ඔබලා
දැන් ඒ දිලිසේ මා හද මඬලේ
ඝණ රන් තරු පරදා
රාං කුරුල්ලෝ
කුරුල්ලෝ
රාං කිරිල්ලී කොයි
තක්කිට තරිකිට පෙමි මල් කඩලා
මා හද මැදුරේ දොයි

ගායනය - හරූන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා
පද - සිරිසේන විමලවීර
තනුව - මේ ගී තනුව පිළිබඳව දැනගන්න
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
චිත්‍රපටිය - මා ආලේ කළ තරුණිය

1959 දී භාරතයේ තිරගතවූ Dil Deke Dekho චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, Dil Deke Dekho Dil Deke Dekho යන ගීයෙන් තනුව උපුටා ගත් බව පැහැදිලිය.
මේ තනුවට නිර්මාණයවූ ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ, Dekho Kasam Se Kahate Hain Tum Se නම් ගීයක් ද තිබෙනවා Tumsa Nahin Dekha (1957) චිත්‍රපටියේ.



මේ තනුවටම ගැයෙන තවත් සිංහල ගීයකි "මං පොඩි කාලේ දක්කට පස්සේ දැක්කෙ අදයි ඔයා" මේ අඩවියේ එම ගීයද තනුව පිළිබඳ විස්තර ද ඇතුළත් ය. මෙතනින් ඊට පිවිසිය හැක.

No comments: