Sunday, July 31, 2022

වෛශ්නව් ජන තෝ (Vaishnav Jan To)

ආසන්නම ගෙවුණු මාස කිහිපය තුළ ජාතියක පරිහානිය වඩාත් ඉස්මතුව දකින්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙන් මගේ අදහස මෙහි සනිටුහන් නොකරන්නේ, කිසිවක්ම යථාවබෝධයෙන්, විචක්ෂණ බුද්ධියෙන් හා දුර දක්නා නුවණින් තේරුම් ගත හැකි කෙනෙක් සොයා ගත නොහැකි තරමට, මේ ශ්‍රී දිවයිනේ වැසියන් පරවී ගොස් සිටින බවක් හැඟෙන නිසාය.

වැල නොකැඩී හද උපදිනා, මැරෙනා අසූ කෙලක් සිතුවිලි අතර පුන පුනා හද කැලැත්තූ මේ ගීය ඔබ වෙත ගෙන එමි.

මෙික 15 වැනි සියවසේ දී Narsinh Mehta කවියා වෙතින් ගුජරාටි බසින් රචනා වූ භජන් ගීතිකාවක්.
එය ජාතියේ පියා ලෙස භාරත ජනතාව සලකන මහත්මා ගාන්ධි තුමාගේ ප්‍රියතම භජන් ගීතිකාවක් වුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, 150 වැනි ගාන්ධි අනුස්මර‍ණය වෙනුවෙන් විශේෂ දෙයක් කළා. ඒ තමයි අර මහත්මා ගාන්ධි ඉතා ප්‍රිය කළ "වෛෂ්නව් ජන තෝ" යන ගීය, රටවල් 124 ක ඉන්දීය තානාපති කාර්යාල හරහා ඒ ඒ රටවල කලාකරුවන් ලවා ගායනා කරවීම.

ඇරයුම් ලැබූ කලාකරුවන් වෙතින් ඔවුනගේ හැඩයට අනුව නිමවා ගත් මේ ගීයේ වීඩියෝ 147 ක් ඒ ලෙස බිහිවුණා.

අපේ රටෙන් එම අවස්ථාව හිමි කරගත්තෙ භාතිය සන්තුෂ් සමග උමාරියා සිංහවං‍ශ.

එසේ ගැයුණු "vaiṣṇava jana to" ගීයේ ඒ ඒ රටවල නිර්මාන අන්තර්ජාලයේ තිබෙනවා.

150 වැනි ගාන්ධි අනුස්මර‍ණයේදී ඒ ගී අතුරින් හතළිහක් රටවල් වල වීඩියෝ රූප රාමු මුහු කරලා විනාඩි පහක හරි අපූරු වීඩියෝවක් ද නිර්මා‍ණය වුණා.

මේ එම වීඩියෝවයි.



ගීය ලියැවුණේ  ගුජරාටි බසින් නිසා පළමුව ඔන්න ගුජරාටි බසින්.

Vaishnav Jana to
Gujarati

વૈષ્ણવ જન તો તેને કહિયે જે
પીડ પરાઈ જાણે રે
પર દુ:ખે ઉપકાર કરે તો યે
મન અભિમાન ન આણે રે. ॥ધૃ॥

સકળ લોકમાં સહુને વંદે,
નિંદા ન કરે કેની રે
વાચ કાછ મન નિશ્ચલ રાખે
ધન ધન જનની તેની રે. ॥૧॥

સમદૃષ્ટિ ને તૃષ્ણા ત્યાગી
પરસ્ત્રી જેને માત રે
જિહ્વા થકી અસત્ય ન બોલે
પરધન નવ ઝાલે હાથ રે. ॥૨॥

મોહ માયા વ્યાપે નહિ જેને,
દૃઢ વૈરાગ્ય જેના મનમાં રે
રામ નામ શુ તાળી રે લાગી
સકળ તીરથ તેના તનમાં રે. ॥૩॥

વણ લોભી ને કપટ રહિત છે,
કામ ક્રોધ નિવાર્યાં રે
ભણે નરસૈયો તેનું દર્શન કરતાં
કુળ એકોતેર તાર્યાં રે. ॥૪॥

Vaishnav Jana to
Devanagari

वैष्णव जन तो तेने कहिये
जे पीड परायी जाणे रे ।
पर दुःखे उपकार करे तो ये
मन अभिमान न आणे रे ॥

सकळ लोकमां सहुने वंदे,
निंदा न करे केनी रे ।
वाच काछ मन निश्चल राखे,
धन धन जननी तेनी रे ॥

समदृष्टि ने तृष्णा त्यागी,
परस्त्री जेने मात रे ।
जिह्वा थकी असत्य न बोले,
परधन नव झाले हाथ रे ॥

मोह माया व्यापे नहि जेने,
दृढ़ वैराग्य जेना मनमां रे ।
रामनाम शु ताळी रे लागी,
सकळ तीरथ तेना तनमां रे ॥

वणलोभी ने कपटरहित छे,
काम क्रोध निवार्या रे ।
भणे नरसैयो तेनुं दरसन करतां,
कुळ एकोतेर तार्या रे ॥

Vaishnav Jana to
IAST Transliteration

vaiṣṇava jana to tene kahiye
je pīḍa parāyī jāṇe re,
para duḥkhe upakāra kare to ye
mana abhimāna na āṇe re

sakaḷa loka māṁ sahune vande,
nindā na kare kenī re,
vāca kācha mana nischala raakhe,
dhana dhana jananī tenī re

sama-dṛṣṭi ne tṛṣṇā tyāgī,
para-strī jene māta re,
jihvā thakī asatya na bole,
para-dhana nava jhāle hātha re

moha māyā vyāpe nahi jene,
dhruda-vairāgya jenā manamāṁ re,
rāma-nāma shu tāḷī lāgī,
sakaḷa tīratha tenā tanamāṁ re

vaṇa-lobhī ne kapaṭa-rahita che,
kāma krodha nivāryā re,
bhaṇe narasaiyo tenuṁ darasana karatāṁ,
kuḷa ekotera tāryā re

ගීයේ අරුත සංක්ෂිප්තව මෙහෙමයි...

වෛශ්නව කියන අය හැමෝටම උදව් කරනවා.
ඔවුන් අනෙක් කාන්තාවන්ට තම මවට මෙන් ගරු කරනවා.
ඔවුන් ලෝකයට ගරු කරනවා,
ලෞකික සැප සම්පත්වලින් ඈත් වෙනවා.
ඔවුන්ට තණ්හාවක් නැත,
ඔවුන් වංචා කරන්නේ නැත,
ඔවුන් දෙවියන් වහන්සේගේ නාමයෙන් සතුටක් ලබයි.

මේ ගීතයේ කතුවරයා පවසන්නේ සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දිය හැකි එවැනි පුද්ගලයෙකු හමුවීමට තමා කැමති බවයි.

අර එකසිය විසි හතරක් ලොව නන් දෙසින් බිහිවූ ගී වීඩියෝ වල මා තෝරාගත් කීපයක් මේ.

අපි ඉස්සෙල්ලාම බලමු අහමු අපේ රටෙන් බිහිවුණු නිර්මානය..




මේ සිංගප්පූරුවේ නිර්මානය


මේ නිර්මානය රුසියාවෙන්



අපි යමු චීනයේ නිර්මානය වෙත




මේ කියුබාවේ නිර්මානය


ර්මනියේ ඉදිරිපත් කිරීම



මියන්මාර් දේශයේ නිමැවුම



කැනඩාවේ නිර්මානයයි මේ.



කිර්ගිස්තානයටත් එබිකම් කරමු



න්ග්ලාදේශය භාරතයේ සමීප රාජ්‍යයක් නෙ. බොහෝම නෑකම් තියෙනවා දෙගොල්ලො අතර.



පන් රටේ ගීයේ හැඩතල කොහොමද?



 මේ අය නම් අපට එතරම් හුරු නෑ



යිජීරියාවට එබිකම් කරලා විරාමය තබනවා, ලෝකෙන් තුනෙන් දෙකක් රටවල් එකතුවූ ඒ ගී වැලට. (මේ ගීයට පසු ලතා මංගෙස්කාර් කළ සජීවී ගායනයත් අහන්න. බලන්න.)

මෙහි ඇතුළත් නොකළ අනෙක් රටවල් වල ඉදිරිපත් කිරීම් සොයා  යන්න අන්තර්ජාලයේ ඔක්කොම තියෙනවා ( සෙවුම උදා - Vaishnav Jan To : Italy)



ඉහත වැඩ සටහනේ අංගයක් නොවූවත්, මේ භජන් ගායනය හේමන්ත් කුමාර්ගේ හඬින් අහන්න.



මේ ලතා මංගෙස්කාර් සජීවී වැඩසටහනක ගැයූ අයුරු


No comments: