Showing posts with label කෞශල්‍යා ප්‍රනාන්දු. Show all posts
Showing posts with label කෞශල්‍යා ප්‍රනාන්දු. Show all posts

Friday, March 27, 2015

දෝන කතිරිනා

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
නම් ගම් මට මොකටද
සිංහාසන මොකටද
සෙංකඩගල පුර රජ මැදුර සමානා ...//

කපිතන් දියෝගුගෙන්
දැන කඩු ශිල්ප හටන්
කොන්තය ගෙලේ බැන්ද පරංගි වාඩියේ

කොණප්පු බණ්ඩාරට
පූජා කල ප්‍රේමය
මිහිරිම හීනයක්ද වසන්ත කාලේ

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
නම් ගම් මට මොකටද
සිංහාසන මොකටද
සෙංකඩගල පුර රජ මැදුර සමානා

වාහල ඉලංගමට
ගිය දා දන්තුරේට
අස්පන්තියේ හරඹ දෑහින් දුටුවා

රොන්සුණු පුරා ළයට
ළඟ එන වසන්තයට

අලුත් ම මලක් වෙලා පිපෙන්න හිතුවා

පරසිදු කරලියැද්ද
දුව කිරුළිස පැළැන්ද
කුසුමාසන දේවිය දෝන කතිරිනා
නම් ගම් මට මොකටද
සිංහාසන මොකටද
සෙංකඩගල පුර රජ මැදුර සමානා ...//

ගායනය - කෞශල්‍යා ප්‍රනාන්දු සමග සිහශක්ති
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති

මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ මියුරුසර සංගීත වැඩසටහනේ "වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය" වෙනුවෙන් නිර්මානය වූවකි.
මෙහි ඔබ අසන්නේ පසු කලෙක කළ රූ ගත කිරීමකදී ගැයූ ගීයකි. එහි පද වල මුල් රචනයට වඩා වෙනස්කම් තිබේ.
මෙහි ඉහත ඇත්තේ රත්න ශ්‍රී ගේ මුල් රචනයයි.