Showing posts with label අනෝජා වීරවර්ධන. Show all posts
Showing posts with label අනෝජා වීරවර්ධන. Show all posts

Tuesday, March 12, 2019

හිමි නැති ලොවකට

හිමි නැති ලොවකට දෙපා තබා
අනන්ථයට මා පාවෙනවා
අඳුර කපා ජීවිතයේ පෙරමඟ
රැඳී ඉඳිමි මම් රන් පහන් වැටක් විලසින්

නිසලව නිහඬව නිදිගත් සිත තටු ලැබිලා
වලාකුළෙක සැතපෙනවා
දුක සුසුම ඉවතලා
ඔබ සිනා මලින් සරසනවා

මලක් සිඳී වැටිලා පිණි කඳුළු මතින්
නොසැලී බලා හිඳිනවා
දිය කිඳුරියක නොවේවා
දිවා රෑ තනිවී ඉකිබිඳිනා

ගායනය - ප්‍රියා සූරියසේන සහ අනෝජා වීරවර්ධන
පද - සුනිල් රත්නායක
තනුව - ආනන්ද ගමගේ