Showing posts with label රත්න ශ්‍රී විජේසිංහ. Show all posts
Showing posts with label රත්න ශ්‍රී විජේසිංහ. Show all posts

Saturday, May 30, 2020

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි ...//

ඇඳ වියන ළඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටිවුණ ...//
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඬන්නට කිසිදා නොදැන සිටි මට
මළ පොත කියාදී නොකියාම ගිය ...//
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි
මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි

ගායනය - සුනිල් එදිරිසිංහ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ



ම‍ෙය 1996 දී රෝස කුසුමක් සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2004 දී සුවඳ මුවරද සංයුක්ත තැටියට හා කැසට් පටයටත් (රත්න ශ්‍රී දසක තුනක ගීතාවලිය) ඇතුළත් වුණා.


Wednesday, May 13, 2020

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ


චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි ලැයිං කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මඟ තොට පාර වැරදුණේ
අන්න  නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගෙයි දොරකඩ සින්දු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුණු සේ පාළුයි ලැයිං කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ගීය ඇතුළත් වූ ඇල්බම
1978 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා.
1988 දී සින්ග්ලංකා "මල් වට්ටියක්" කැසට් පටය ට ඇතුළත් වුණා.
2004 දී  ටොරානා මියුසික් නිකුත් කළ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගී අඩංගු "සුවඳ මුවරද 1" සංගත තැටියට ද  ඇතුළත් වුණා.

Thursday, April 18, 2019

ලන්දේ උකුළ උඩ



ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...//

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්

රත්තරන් පාට කමතට ඉහළින්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ...//

ගායනය - ජැක්සන් ඇන්තනී සහ  කුමාරි මුණසිංහ
පද-රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - සංගීත් වික්‍රමසිංහ

Monday, December 25, 2017

වැරහැලි හැඳ


වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරී
වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී

තණ පලසේ බිම හොවින දිගාවි
ළැම කිණිසි තුඩක් ඇණුන කුමාරි
කණකර ගලවා රැයට මුවා වී
මරු රැගෙන ගියේ ඇයිද කුමාරී

වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුණාදෝ
නිදන කුමාරී
වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී

නුඹ යකඩ කඳන් වලට මුවාවී
සුදු මිනී මලක් න‍ටුව තියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරා ගත් සළඹ ගෙනේවී

වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුනාදෝ
නිදන කුමාරී
වැරහැලි හැඳ අඩු කුලියට
සළු මැසුව කුමාරී

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ


කුකුළාපොළ කිරි අම්මියෙ


කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි
නිවරැද්දේ අපට මෙහෙම පිටුපෑවේ ඇයි
කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි

සංහිඳ හෙවණේ වෑතර බෝරුක මුදුනේ
ගල් වැව් මණ්ඩියේ නිතර නුඹ වැඩ උන්නේ
කොයි සිට බැලුවත් අම්මේ දුරට පෙනෙන්නේ
රන් කොත වැන්නේ නුඹෙ ගණ රන් කොත වැන්නේ

යකඩ ඇතුන්ගේ බිරුසන් හඬ ගුගුරන්නේ
රුක් දෙවියන්ගේ මුල් සිඳිලා වැතිරෙන්නේ
ඉදිකඩ අයිනේ සෙයිලම ළඟ ළඟ එන්නේ
තුන්යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ
තුන්යම හීනෙන් විතරයි නුඹ ළඟ අම්මේ

කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි
මේ පැටවුන් එක්කල මම කොයි අහ යන්දැයි
නිවරැද්දේ අපට මෙහෙම පිටුපෑවේ ඇයි
කුකුළාපොළ කිරි අම්මියෙ නුඹෙ උණුහුම කොයි

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ


Monday, January 2, 2017

ලෙලි තලන නුඹෙ අතට

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝණියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ


Thursday, December 29, 2016

නා කොළ අන්දම්

නා කොළ අන්දම් පෙන නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයන් නයි හාමී
සමාවෙයන් නයි හාමී

දරමිටි බඳිනා කඹය කියාවි
දරණුව හදලා වළඳ තියාවි
කැබිලිති අරගෙන ගැරඬි නටාවී
පෙනේ නැතිව අපි අසරණ වේවී
පෙනේ දියන් නයි හාමී
පෙනේ දියන් නයි හාමී

නා කොළ අන්දම් පෙන නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයන් නයි හාමී
සමාවෙයන් නයි හාමී

ඉහින් කණින් විස වැගිරෙන ලෝකේ
විසෙන් නුඹේ පල නැති වග තේරේ
සුරම්‍ය වූ මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපටත් සං‍තෝසේ
පෙනේ දියන් නයි හාමී
පෙනේ දියන් නයි හාමී

නා කොළ අන්දම් පෙන නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමාවෙයන් නයි හාමී
සමාවෙයන් නයි හාමී

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

වෙල්ලස්සේ ගීතය

බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව ‍දෝ
මාළිගාව දෝ

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි
මිණී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නඟයි
විලාපය නඟයි

බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව ‍දෝ
මාළිගාව දෝ

කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානයෙ රන් රුවන් කරඬු කොයි
වෑ කන්ද කඩා බිම් කටුකම්බියෙන් බෙදා
මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව්
කඩුව බිම දමව්

බිම්බරක් සෙනග ගැවසුණ
චන්ද්‍ර සූරයා ඉපදුණ
ස්වර්ණ භූමියේ මනරම් මාළිඟාව කෝ

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිඟාව ‍දෝ
මාළිගාව දෝ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

සිටු කුමාරියේ

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි

කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී
නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි

කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි

සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි ...//

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

සොයා නොගොසිණ

සොයා නොගොසිණ දමා නගරය
ගයාහිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
මේ බිමේ වැඩ සිටී හිමි ඔබ

තාර උණුකර දමා දෙපතුල
දූලි නංවා අනේ ගිණකඳ
කෙසේ විකසිත වේද
ඔබෙ සිරිපා තබන්නට පිපෙණ සියපත

කම්හළේ කළු දුමාරය මැද
තැම්බිලා ගිය ඇටසැකිලි වැද
රංචු ගැහෙනා ගිජු ලිහිණියන්
ගසා කනු දුටුවෝද හිමි සඳ

හඹා දිව එන අඟුල්මල් වන්
වේදනා දුක් ගැහැට අග හිඟ
කෙසේ දමනය වේද ඔබගේ
දෙපා ළඟ බිම දමා ආයුධ

සොයා නොගොසිණ දමා නගරය
ගයාහිස රමණීය වන ගැබ
භයානක සොර සතුරු බිය පිරි
මේ බිමේ වැඩ සිටී හිමි ඔබ

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

පලංචියේ වැඩ ඉඳගෙන

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ

හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

සිල් ගත් රජ මහ වෙහෙරට
මල් පුදනා මහ සෙනඟට
පියාණනේ නුඹ නොපෙනෙනවා ...//

ඇල්මෙන් අකුරට යන විට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ

හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළවට
අප සිරසට රන් කොත වෙනවා ...//

සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹෙ දාදිය සුවඳ තියනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ

හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ