Monday, January 2, 2017

ලෙලි තලන නුඹෙ අතට

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝණියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝණී
සෙනසුරුට පෙම් බඳින දෝණී

ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ


No comments: