Monday, January 2, 2017

වියළී ගිය දෙතනේ නැත

වියළී ගිය දෙතනේ නැත
කිරි බිඳුවක් එරුණේ
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ
කප පවතින තුරු නොනිමෙන
සුසුමෙන් සමු ගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ
මඟ අයිනක රැඳුණේ

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ
වැදූ මවට නුඹ වැඩියක් වේද දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
නැව් නැඟිලා දුරු රටකට යන්න දුවේ

පෙර කළ මහ පින් මහිමෙනි
මේ දෙස උපදින්නේ
ඉපදෙණු මිස රැඳෙනා පින
ඇයි නුඹ සතු නූනේ
දරුවන් ඇස කඳුළින් හද උණුවන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක හෝ
සැනහෙන් දියණියනේ

මතු යම් දිනෙක සිතිවිල්ලෙන් සිටින සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද
සිතියම් පොතෙන් ලොව විමසා බලන සඳ
කඳුළක හැඩය මහ සයුරේ දකීවිද

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහල
පද රචනය - දයාසේන ගුණසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ


No comments: