Monday, January 2, 2017

ඔසරි පොටින් අදින්නෙපා

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ

පෙතං කැලේ වළිකුකුළෝ
මට පෙනි පෙනී නටනවා
අත්තන මල මං දැකලා බමර තුඩේ වෙළෙනවා
බිනර මහට කළුවර දී මේ පෝයත් ගෙවෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ

පට සළු පිළි කසී රටේ
වෙල පෙති දිගේ වඩිනවා
මාල වළලු අපට ගෙනා තරු අතර දිළෙනවා
ගමේකමට බහ දීලා ගමේ කතා හැදෙනවා
උසුළු විසුළු කළා නොවෙයි අපි වෙනතක් බලනවා

ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ
රිදී පොටින් අදින්නෙපා තරු දෙපොටයි කැඩෙන්නේ
මූණට මගෙ එබෙන්නෙපා හඳ එළියයි නිවෙන්නේ
හැමදාමත් ඔච්චම් නෑ ඕලු විලට පනින්නේ

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - විශාරද ගුණදාස කපුගේ


No comments: