Showing posts with label බටුවිට එම්.ඩී. විලියම්. Show all posts
Showing posts with label බටුවිට එම්.ඩී. විලියම්. Show all posts

Wednesday, September 14, 2016

කළු ගල් මෝලේ

කළු ගල් මෝලේ සංගුව හැඬුවා
නුඹටත් ඇහුණ ද පුංචි දුවේ
මෙහෙය නිමාවී අම්මා එනතුරු
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

දෑස අඳ මටයි පොඩි දූටයි
ජීවිතයත් සෙනෙහසත් අරන්
ඒ රුව තව ටිකකින් මතුවේවී
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

කළු ගල් මෝලේ සංගුව හැඬුවා
නුඹටත් ඇහුණ ද පුංචි දුවේ
මෙහෙය නිමාවී අම්මා එනතුරු
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

ඇගේ විඩා බර වතේ වේදනා
මැකී යන්න අප දුටු සැණිනේ
මටත් ඇහෙන්නට ටිකිරි දසන් පා
පුංචි දුවේ හිනැහෙන්
පුංචි දුවේ හිනැහෙන්

කළු ගල් මෝලේ සංගුව හැඬුවා
නුඹටත් ඇහුණ ද පුංචි දුවේ
මෙහෙය නිමාවී අම්මා එනතුරු
නාඬා නැළැවෙන්නේ
නාඬා නැළැවෙන්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - බටුවිට එම්.ඩී. විලියම්
තනුව - එඩ්වඩ් ජයකොඩි