Showing posts with label වසන්ත දුක්ගන්නාරාළ. Show all posts
Showing posts with label වසන්ත දුක්ගන්නාරාළ. Show all posts

Thursday, October 10, 2019

ප්‍රේමය මන රංජිත වේ


තානානෙ තනා...
තානානෙ තනා


ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

කාල වර්ණ වැදි රජුණේ
කඩුව නිසයි මම තැවුණේ
ඔබ ළඟ කුමරිය මනමේ
කඩුව තවම මගෙ කොපුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

නීල වර්ණ වන ගොමුවේ
සොඳුරිගෙ නෙතු කඳුළු ද මේ
සිහින ලොවින් බැස එනු මැන
කඩුව තවම මගෙ කොපුවේ ...//

ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ ...//

තානානෙ තනා...
තානානෙ තනා

තානානෙ තනා...
තානානෙ තනා


තානානෙ තනා...
තානානෙ තනා


තානානෙ තනා...
තානානෙ තනා


ගායනය - අතුල අධිකාරි සහ පිරිස
පද - වසන්ත දුක්ගන්නාරාළ
සංගීතය - තරුපති මුණසිංහ


Premaya Mana Ranjitha We - Athula Adikari

Sunday, November 19, 2017

සඳකිඳුරාමයි විද්දේ

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී

කිඳුරා වෙලත් ඇයි ඔහු දුනු දිය ඇද්දේ
සොඳුරා ප්‍රේම බස් විෂ හීයෙන් විද්දේ ...//
මදුරාපුරෙන් දෝ දුක් ගිනි අරගත්තේ
ඉඳුරා දනිමි සඳකිඳුරාමයි විද්දේ //

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී

ගව් ගණන් ඇවිත් අත්වැල වත් නොසැලී
සිත් වුනත් නොසිතු ලෙස අත්වැල ගිලිහී ...//
කප්පරක් තරම් ඉදිමුණු කඳුළු පොදි
කින්නරා අතගන්න නුඹ පිං කළා මදි //

සඳකිඳුරාමයි විද්දේ
සඳකිඳුරාමයි විද්දේ නුඹ නොදැක්කාට කිඳුරී
හීසර වැද පපු මැද්දේ හිත රිදෙනවාද සොඳුරී

ගායනය - සේනානායක වේරලියද්ද
පද - වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය - සේනානායක වේරලියද්ද

මෙරන් තෙළඹුවෙන්

මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

නුඹේ නමින් සෑය බඳිම් මා දිව්රන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ

භීත කරයි මා අසරණවේද රජුන්නේ
මහ සෑය බඳින්නට වෙන තැන් නැද්ද සොයන්නේ

මහ සෑය පුරා මල්දමකට නුඹ ගැලපෙන්නේ
තෙළඹු ගසෙන් බැස වැඩපන් ස්වර්ණමාලියේ

මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

ඔය අගේ වඩන රන් තෙළඹුව නොසිත ලොබා
නුඹ මගේ අනසකට ඉහළින් යන්ට එපා

වෙන සහේ යන්න මට කුලයක් නැතිය සුභා
මගෙ ගාඩි වංශයට යන කල නම් අසුභා

මෙරන් තෙළඹුවෙන් බැස ඇයි යන්ට කියන්නේ
මහ වන්නිකරේ උන්ටයි පාඩුව ඇතිවන්නේ

නුඹේ නමින් සෑය බඳිම් මා දිව්රන්නේ
මගෙ කන්නලව්ව ඉවසනවද රත්නවල්ලියේ

ගායනය - සේනානායක වේරලියද්ද සහ කුමාරි මුණසිංහ
පද - වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය - සේනානායක වේරලියද්ද

අපි ඉන්නම්


අපි ඉන්නම්
ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ
ඔබයි අපේ දෙයියෝ

අවියක් අතට ගනු බැරී (ලා..)
සවියක් වන්න පළඳිමි (ලලලල ලාලා..)
රණබිම දසතින් දිනා දෙන්නේ ඔබ තමා
(ලලලල ලා.. ලා...)
අවියක් අතට ගනු බැරී (ලා..)
සවියක් වන්න පළඳිමි (ලලලල ලාලා..)
රණබිම දසතින් දිනා දෙන්නේ ඔබ තමා

යුද මින්දාමල් නාං නට්පුගලෙයි අඩිගිරෝම්
අන්වක පෝරාට්ටම් යෙන් කයිකලිනාල් ඉනගිරෝම්

අපි ඉන්නම්
ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ
ඔබයි අපේ දෙයියෝ
ඔබ වෙනුවෙන්
අපි විතරක් නම් නෙවෙයි
රන් කොතක් මෙන් ගුවනේ
දිළෙයි මගෙ දෙයියෝ

දහසක් පහන් දැල්වුණා (ලා..)
සහසක් දෑත් එසවුණා (ලලලල ලාලා..)
නව ඇරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා
(ලලලල ලා.. ලා...)
දහසක් පහන් දැල්වුණා (ලා..)
සහසක් දෑත් එසවුණා (ලලලල ලාලා..)
නව ඇරුණැල්ලේ පිබිදෙන්නේ ඔබ තමා

යුද මින්දාමල් නාං නට්පුගලෙයි අඩිගිරෝම්
අන්වක පෝරාට්ටම් යෙන් කයිකලිනාල් ඉනගිරෝම්

මේ අත්වැල සැම අත දිළිසේවා
විරිය ඇති සිත ඇත් පවුරක් වේවා
මේ අත්වැල සැම අත දිළිසේවා
විරිය ඇති සිත ඇත් පවුරක් වේවා

ගායනය - සේනානායක වේරලියද්ද, නෙලූ අධිකාරි සහ නලින් පෙරේරා
පද - වසන්ත දුක්ගන්නා‍රාළ
තනුව හා සංගීතය - ඉරාජ් වීරරත්න

මෙම ගීය, 2010 වසරේ පැවති සුමති ටෙලි සම්මාන උ‍ළලේ දී
හොඳම ගීත වීඩියෝව ට හිමි සම්මානයෙන් පුද ලැබීය.

අපි දැදුරු ඔයෙන් පැන්නා


අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

ආඬි ළිදේ වතුර සොයා
නිලාමනී ළිඳට ගියා
නැගෙනහිරේ කිරණ පුරා
තාන්ෂිලා හිනැහුණා

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

සේරු විලේ පිරිත අසා
කැලෑ මලේ හිනැහුණා
නාගපුරේ පාරු පොළේ
තිරුක්කුරල් කියැවුණා

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

ඕ....
තාන තනා... (තාන තනා...)
තන තම්දෙනා.... (තන තම්දෙනා....)
තෙතන තනා.... (තෙතන තනා....)
තන්නානෙනා.... (තන්නානෙනා....)

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තං යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා

ගායනය : සේනානායක වෙරලියද්ද,
ගායන සහය - රජරට ෂාප් සංගීත කණ්ඩායම
පද රචනය : වසන්ත දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : ප්‍රියන්ත චන්ද්‍රකුමාර

Sunday, November 12, 2017

අයිලයට වැහිලා

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

පෙරහැරේ ගියත් ඇතෙක්නෙ බබළන
මඩු පොළේ උජාරුවටම රජවුණ ...//
වෙන බිසෝවරුන් වටවුණාට සිව් කොන
උඹ මගේ නිසාවද මට මේ දුක

දොංත ගතං ගදිත ගදං
ගතිත්ද ගුං තත් දෙඟතත් දෝං
රෙගත ගති ඟුදගත්
(බෙර පදය)

වට ගමනේ මාලක්කං වල හුරතල්
එකියන්ට උඹ ගන්ට නෑ ඉවසුම් ...//
මට බලන් ඉන්ට බෑ මයෙ දෙයියෝ
උඹ මගේ නිසාවද මට මේ දුක

දෝං ගදිත් තත්
දෙහිං ඟුදත් ඟුද
දොංත ගදිත් තත් දෙහිං
(බෙර පදය)

අයිලයට වැහිලා උඹෙ තානම් බලනා
රුක් අත්තන මල මමයි නුඹේ
හුළුඅත්තක් පපු කැනැත්ත මයෙ දෙයියෝ
උඹේ සුරල් අහං ඉඳල
බෙර පැ‍ළෙන්න මං ඇඬුවා //

හේ... ඒහේ ඒ..... ඒහේ ඒ.....
හේ.... අ...හ්.. අ..හ්.. හ.......

ඒ.....හ් ආහ්.. ආහ්.. ආහ්.. ආ......

ගායනය - කුමාරි මුණසිංහ
බෙර පද හඬ මුසුව - ජැක්සන් ඇන්තනී
පද - වසන්ත දුග්ගන්නාරාළ
තනුව හා සංගීතය - තරුපති මුණසිංහ

Saturday, June 6, 2015

අපි ගෙදර යමුද සොඳුරී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී

සීත සුළඟ ගියා වීසිවී
මම බලා හිඳිමි වැතිරී
මේ වනන්තරේ දොරකඩ ළඟ
සොර සතුන් බෝය සොඳුරී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී

වෙස්සන්තර කමට හාද වී
විස කොළඹ ඇවිත් තනිවී
මහ සෙනග පිරුණු වීදිය මැද
මට මියෙන්න බෑ තනිවී
අපි සටන් කළොත් පරදී
ගම් දොරට පාර වරදී

අපි ගෙදර යමුද සොඳුරී
මේ වනන්තරෙන් පිටවී
අතු හරිත රිකිළි වෙනුවට
ඝණ සිමෙන්තියෙන් වටවුණු
මේ වනන්තරෙන් පිටවී ...//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

Monday, May 11, 2015

කජු නෙළන්නියේ

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

මහ පාර පුරා ගිණියම් වුණ සූරිය ගිනි කඳ
නුඹෙ මූණ පුරා ගෑ වත්සුණු දියකර හැරියද
ඔය දෝත පුරා පීදී එන කරගැට වෙනුවට
මල් පොහොට්ටුවක් වත් පිපියන් දූවිලි හුළඟට

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

රෑ හීන පුරා ඵල නොදරණ දොඩමලු කජු රුක
බෝ ගීත ගයා නැත නුඹ ගැන කෝකිල පරපුර
පානේ කර වත් නැතුවට කජු ලිය වන්නම් වල
වී රත්නවල්ලි කෙදිනක හෝ වඩින් තෙළඹුවට

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - වසන්ත දුක්ගන්නාරාළ
තනුව - සමන්ත පෙරේරා

Sunday, December 8, 2013

පින් මන්ද රංග භූමියේ

පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන්
පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ ...//
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන්
පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණුවෙන සිත් මිස ..//
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන්
පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ

මං සිංහයාට බයයි නංගියේ ///

ගායනය - සේනානායක වේරලියද්ද
පද - වසන්ත දුක්ගන්නාරාළ
තනුව - සේනානායක වේරලියද්ද