Monday, May 11, 2015

කජු නෙළන්නියේ

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

මහ පාර පුරා ගිණියම් වුණ සූරිය ගිනි කඳ
නුඹෙ මූණ පුරා ගෑ වත්සුණු දියකර හැරියද
ඔය දෝත පුරා පීදී එන කරගැට වෙනුවට
මල් පොහොට්ටුවක් වත් පිපියන් දූවිලි හුළඟට

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

රෑ හීන පුරා ඵල නොදරණ දොඩමලු කජු රුක
බෝ ගීත ගයා නැත නුඹ ගැන කෝකිල පරපුර
පානේ කර වත් නැතුවට කජු ලිය වන්නම් වල
වී රත්නවල්ලි කෙදිනක හෝ වඩින් තෙළඹුවට

කජු නෙළන්නියේ කජු වල රස අනුන්ට විකුණන
කිරි කජු වගේද ජීවිතයම කජුගම දියවෙන
ගිජු ලිහිණයන්ට එන සීතල වාහනයෙන් බැස
කජු මද මිස නුඹ දෙන්න එපා මුදු හිත මිල කර

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - වසන්ත දුක්ගන්නාරාළ
තනුව - සමන්ත පෙරේරා

No comments: