ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්
ගඟ දිය වෙළෙවිව
යන ගමනේ
මිමිණූ ගීයක තවරාවී ...//
ඔබ මගේ කියා
ඔබ මගේ කියා
ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්
නලවැල අතු ඉති මත දැවටී
රහසින් ළංවී පවසාවී ...//
අපි අපේ කියා
අපි අපේ කියා
ළසොවින් සසැලී
කළු වළා ඇවිත්
සිත නිවා දැමූවත් ජීවිතයේ
පුර පස සඳ වී පායාවී ඔබ මගේ ළඟින්
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව - සමන්ත පෙරේරා
No comments:
Post a Comment