Monday, May 11, 2015

මලක් වී නුඹත් පිපුණේ

(හා හාහ හා හහ හා)
මලක් වී
නුඹත් පිපුණේ
විලක් මැද නොවේ
(හා හාහ හා හහ හා)
රැලක් නිති සතුන් ගැටෙනා
කෙළිබිම ද මේ
කෙළිබිම ද මේ

(හා හාහ හා හහ හා)
කිරි සුවඳින් මිදෙන නුඹට
ලෝදිය හුරුවන්නේ
හැදූ වැඩූ දෑතින්මයි
යළි උන් බිලිදෙන්නේ
මිනිසත්කම් පිදු ලොවක
නුඹ අසරණ වේවී
(හා හාහ හා හහ හා)

මලක් වී
නුඹත් පිපුණේ
විලක් මැද නොවේ
(හා හාහ හා හහ හා)
රැලක් නිති සතුන් ගැටෙනා
කෙළිබිම ද මේ
කෙළිබිම ද මේ

(හා හාහ හා හහ හා)
ලේ නෑයින්
පවා විටෙක
රකුසන් වී එන්නේ
සිතේ පිපුණු සිහින දවා
ගිනිදැල් මතුවන්නේ
එදාට මල් සමනලයින්
ලොව අසරණ වෙන්නේ
(හා හාහ හා හහ හා) ///

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - නවරත්න ගමගේ

No comments: