Showing posts with label එම්.එස්. ප්‍රනාන්දු. Show all posts
Showing posts with label එම්.එස්. ප්‍රනාන්දු. Show all posts

Saturday, April 25, 2026

අහා හැඩයි රූපේ

අහා හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා  //

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල්හිනා //

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //


දැක්ක ගමන් හිත වැටුණා

වාසනාවෙ දොර ඇරුණා


දැක්ක ගමන් හිත වැටුණා

වාසනාවෙ දොර ඇරුණා

දැන් මට තේරෙයි

හා හා තේරෙයි

මේ මගේ වාරේ


රැයේ දැකපු හීනේ අද උදේ සැබෑ වී ගියා //

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //


එදත් මම හරි සූරයි

අදත් මම හරි සූරයි


එදත් මම හරි සූරයි

අදත් මම හරි සූරයි

දැන් මට තේරෙයි

හා හා තේරෙයි

ආදරේ තේරෙයි


සොයා සොයා ආවේ 

ඒ සෙව්ව මැණික හමුවුණා ...//

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //


මාලෙ මැණික් ගල බැඳුණා

ආලෙ වඩන ගෙල රැඳුණා


මාලෙ මැණික් ගල බැඳුණා

ආලෙ වඩන ගෙල රැඳුණා

දැන් මට තේරෙයි

හා හා තේරෙයි

මේ අපේ වාරේ


අහා හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා  //

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //

හඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල්හිනා //

ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා //


ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග එම්.එස්. ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර 

තනුව - ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්

සංගීතය - එම්.කේ. රොක්සාමි


1972 දී තිරගතවූ "එදත් සූරයා අදත් සූරයා" චිත්‍රපටියේ ගීයකි.


1970 දී භාරතයේ තිරගතවූ "ආන් මිලෝ සජ්නා" හින්දි චිත්‍රපටියට කිශෝර් කුමාර් ගායනා කළ Yaha waha sare යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




ගීයේ සිනමා දර්ශන


හින්දි ගීතය

यहाँ वह सरे जहाँ

में तेरा राज है

यहाँ वह सरे जहाँ

में तेरा राज है

जवानी ो दिवानी तू ज़िन्दाबाद

जवानी ो दिवानी तू ज़िन्दाबाद

तेरे ही तो सर पे

मोहब्बत का ताज है

तेरे ही तो सर पे

मोहब्बत का ताज है

जवानी ो दिवानी तू ज़िन्दाबाद

जवानी ो दिवानी तू ज़िन्दाबाद


तू बहारों का इशारा

बेसहारों का सहारा

तू बहारों का इशारा

बेसहारों का सहारा

सर पे तेरे हाँ हाँ

तेरे है बोझ सारा

तेरे जवान हाथों

में दुनिया की लाज है

तेरे जवान हाथों

में दुनिया की लाज है

जवानी ो दिवानी तू ज़िन्दाबाद

जवानी ो दिवानी तू ज़िन्दाबाद


तेरे लिए कसमें नहीं

कसमें नहीं रसमें नहीं

तेरे लिए कसमें नहीं

कसमें नहीं रसमें नहीं

तू किसी के हाँ किसी

के बस में नहीं

जुड़े सभी रस्मों

से तेरा हर रिवाज है

जवानी ो दिवानी तू ज़िन्दाबाद

जवानी ो दिवानी तू ज़िन्दाबाद


पीछे है बचपन

दीवाना आगे बुढ़ापा

सायना पीछे है बचपन

दीवाना आगे बुढ़ापा

सायना साथ तेरे हाँ हाँ

तेरे है ये ज़माना

तेरी नज़र तो चाँद तारों पे आज है

तेरी नज़र तो चाँद तारों पे आज है

जवानी ो दिवानी तू ज़िन्दाबाद

जवानी ो दिवानी तू ज़िन्दाबाद


Yaha waha sare jaha

Mein tera raj hai

Yaha waha sare jaha

Mein tera raj hai

Jawani o deewani tu zindabad

Jawani o deewani tu zindabad

Tere hi to sar pe

Mohabbat ka taj hai

Tere hi to sar pe

Mohabbat ka taj hai

Jawani o deewani tu zindabad

Jawani o deewani tu zindabad


Tu baharon ka ishara

Besaharon ka sahara

Tu baharon ka ishara

Besaharon ka sahara

Sar pe tere han han

Tere hai bojh sara

Tere javan hathon

Mein duniya ki laj hai

Tere javan hathon

Mein duniya ki laj hai

Jawani o deewani tu zindabad

Jawani o deewani tu zindabad


Tere liye kasamein nahin

Kasamein nahin rasamein nahin

Tere liye kasamein nahin

Kasamein nahin rasamein nahin

Tu kisi ke han kisi

Ke bas mein nahin

Juda sabhi rasamon

Se tera har rivaz hai

Jawani o deewani tu zindabad

Jawani o deewani tu zindabad


Pichhe hai bachapan

Deewana age budhapa

Sayana pichhe hai bachapan

Deewana age budhapa

Sayana sath tere han han

Tere hai ye zamana

Teri nazar to chand taron pe aj hai

Teri nazar to chand taron pe aj hai

Jawani o deewani tu zindabad

Jawani o deewani tu zindabad


Song - Yaha waha sare

Singer - Kishore Kumar

Lyricist - Anand Bakshi

Music Composer - Laxmikant Pyarelal (Laxmikant Shantaram Kudalkar & Pyarelal Ramprasad Sharma)

Movie - Aan Milo Sajna (1970)




මේ තනුවටම ගායනා වූ තවත් ගී රැසක් ඇත.

* වහා වහා පියඹා
ගායනය - ලතා සමග ධර්මදාස වල්පොල


* දිවා රැයේ පාරේ
ගායනය - මොහිදීන් බෙග්


* ගියයි බිඳී අත්වැල්
ගායනය - එච්.ආර්. ජොතිපාල


* රිදී සඳක් පායා
ගායනය - පුන්සිරි සොයිසා


* අපේ කියා ඇත්තේ
ගායනය - ඇන්ටන් රොද්‍රිගෝ

Friday, February 17, 2023

මලේ රේණූ

මලේ රේණූ
වසංගාලා
තියා ගන්නේ පෙතී
කුසුම් පිපෙනා
එවන් සොයලා
බමරු පියඹා එතී

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

පිපී ඔබ නම්
මමයි රේණූ
මලකි අපෙ ජීවිතේ
එතී එක සේ
සිනා සලලා
යමූ එක මාවතේ

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

කෙල්ලේ
ඇයි මේ යන්නේ

කෙල්ලේ
ඇයි මේ යන්නේ

දුර සිටි දෙන්නෙක් ළං වෙනවා
ළඟ සිටි දෙන්නෙක් දුර වෙනවා
මල් පෙති ටික ටික ගැලවෙනවා

අසල්වැසියො හිනැහේවී
අසල්වැසියො හිනැහේවී

කොල්ලෝ
ඇයි බය වෙන්නේ

කොල්ලෝ
ඇයි බය වෙන්නේ

බොරුවට යන විදියට යනවා
ගියෙ නැතුවා වාගේ එනවා
එතකොට දෙන්නා හිනැහෙනවා

කිරියි පැණියි එක් වේවී
කිරියි පැණියි එක් වේවී

මලේ රේණූ
වසංගාලා
තියා ගන්නේ පෙතී
කුසුම් පිපෙනා
එවන් සොයලා
බමරු පියඹා එතී

ලල් ලල් ලා
ල ලල ලල ලා
ල ලල ලල ලා

දෑත දෑතට හා වෙයි
ඈත රටකට පාවෙයි
ආදරේ මල් පීදෙයි
වසන්තේ

දෑස දෑසට යා වෙයි
සීත ගඟුලක නෑවෙයි
ආදරේ මල් පීදෙයි
වසන්තේ

රන් ඔන්චි්ලේ
පදිමු නිදැල්ලේ
ලාල ලා
ලල් ලල් ලල්
ලාල ලල ලල ලා
ලාල ලල ලල ලා ලාල ලල ලල ලා

ගායනය - එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, එම්.එස්. ප්‍රනාන්දු සහ ඉන්ද්‍රානි සේනාරත්න
පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1975 දී තිරගතවූ "ලස්සන කෙල්ල" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීය, 1972 දී භාරතයේ තිරගතවූ "සීතා ඕර් ගීතා" චිත්‍රපටියට, කිශෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "කොයි ලඩ්කී මුජේ" යන ගීය අනුකරණය කර කළ නිර්මානයකි.

තනුව උපුටා ගෙන ඇත්තේ, 1971 දී, ලී හේසල්වුඩ් සහ නැන්සි සිනේට්‍රා ගායනා කළ, Did you ever යන ගීයෙනි.



කිශෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "කොයි ලඩ්කී මුජේ" යන ගීය

Koi ladaki mujhe kal
Raat sapane mein mili
Badi pyaari si soorat
Thi bhala sa naam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la
Koi ladaka mujhe kal
Raat sapane mein mila
Badi pyaari si soorat thi
Bhala sa naam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la

Dekh leti main jo
Us bairan sautan ko
Jaan le leti main qasam se
Dekh leta main us
Tere saajan ko jaan de
Deta main sharam se
Ho phir kyon roothe
Tum jo roothi
Lalal lal la

Are tum hi mujhe kal
Raat apane mein mili
Are tum hi mujhe kal
Raat apane mein mile
Mujhe tumase tumhen
Mujhase zaroori kaam tha
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la
Tumhen mujhase mujhe
Tumase zaroori kaam tha

Chaandani thi raaten
Khub hueen mulaaqaaten
Pyaar bhari hueen
Baaten dono mein
Raat bhar ham jaage
Nain piya sang laage
Rang bhare hue
Wade dono mein
Tum jhoothi ho
Tum jhoothe ho
Lalal lal la

Koi ladaka koi ladaki
Koi ladaka mujhe kal
Raat sapane mein mila
Koi ladaki mujhe kal
Raat sapane mein mili
Lalal lal la lalal lal la
Lalal lal la lalal lal la.

कोई लड़की मुझे कल
रात सपने में मिली
बड़ी प्यारी सी सूरत
थी भला सा नाम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल
कोई लड़का मुझे कल
रात सपने में मिला
बड़ी प्यारी सी सूरत थी
भला सा नाम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल

देख लेती मैं जो
उस बैरन सौतन को
जान ले लेती मैं क़सम से
देख लेता मैं उस
तेरे साजन को जान दे

देता मैं शर्म से
हो फिर क्यों रूठे
तुम जो रूठी
ललाल लल ला

अरे तुम ही मुझे कल
रात अपने में मिली
अरे तुम ही मुझे कल
रात अपने में मिले
मुझे तुमसे तुम्हें
मुझसे ज़रूरी काम था
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल
तुम्हें मुझसे मुझे
तुमसे ज़रूरी काम था

चाँदनी थी रातें
खूब हुईं मुलाक़ातें
प्यार भरी हुईं
बातें दोनों में
रात भर हम जागे
नैं पिया संग लागे
रंग भरे हुए
वेड दोनों में
तुम झूठी हो
तुम झूठे हो
ललाल लल ला

कोई लड़का कोई लड़की
कोई लड़का मुझे कल
रात सपने में मिला
कोई लड़की मुझे कल
रात सपने में मिली
ललाल लल ला ललाल लाल ल
ललाल लल ला ललाल लाल ल

Singers - Kishore Kumar, Lata Mangeshkar
Lyricist - Anand Bakshi
Music Director: Rahul Dev Burman
Movie - Seeta Aur Geeta (1972)


ලී හේසල්වුඩ් සහ නැන්සි සිනේට්‍රා ගායනා කළ, Did you ever යන ගීය

Did you ever?
Not so much that you could notice
Well, could you estimate how many?
Eight or nine
Will you do it anymore?
As soon as you walk out the door
Well, I just wondered, did you ever?
All the time

Could I fix you once more?
No thanks, I just had one
Then how about a nice big?
That would be just fine
Is there any special way?
Oh no, whatever you say
Well, I just wondered, have you ever?
All the time

Does he look like?
No, he's taller and more handsome
Yeah, but is he old?
Oh no, he's young and he's in his prime
Does your father know? I'll bet
Mm-mm, I haven't told him yet
I just wondered, do you ever?
All the time

But just for old times sake
No, that would be much harder
Oh, then how about?
Well, are you sure you don't mind?
Hey, I know just the thing for us
No, I'm afraid I'll miss my bus
Well, I just wondered, have you ever?
All the time

I just wondered, did you ever?
All the time

Songwriters: B Braddock



Thursday, July 25, 2019

නෝන පොල්ල සෙල්ලම

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


හිටපු ගමන් තඹ සතයක් නෑ අතේ
නෑ අතේ
අද ලැබෙනව හෙටම යනව
අනිද්ද පෝසත්තු වෙනව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


අපෙ ඉරණම තියෙනවාද කා අතේ
කා අතේ
දවල් පතට කඩල ගොටුව
රෑ හපන්නෙ කුකුල් කටුව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


අපේ අනාගතේ ලියා නෑ පොතේ
නෑ පොතේ
සොයාගන්න ගෝස්තරේ
අපි දන්නව සාස්තරේ


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


සෝමාවතී පත්මාවතී
මෙහි නැතේ
මෙහි නැතේ
..//

සොපිය පොපියා පොපියා එනව
දැක්ක දාට බඩ පිරෙනව
...//

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ
නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


එක පැත්තක දුක තියෙනව
තව පැත්තක සැප ලැබෙනව


නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ

නෝන පොල්ල සෙල්ලම වගෙ ජීවිතේ
ජීවිතේ


ගායනය - එම්.එස්. ප්‍රනාන්දු, සි.ටී. ප්‍රනාන්දු සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
1971 දී තිරගතවූ "සමනල කුමරියෝ" චිත්‍රපටියේ ගීයකි

Monday, March 4, 2019

සැමදාම අඬලා

Semadama Andala

ලා ලා ලා....
ලා ලා ලා....
ලා ලා ලා....

සැමදාම අඬලා
දුක් කඳුළු පෙරලා
සැරිසරමි ඒ මේ අතේ
ඔබ කවුද කියලා
නැත තාම දැකලා
ඔබෙ ගීතේ මගෙ ජීවිතේ

මම ගීත කොවුලා
රස ගීත ගයලා
නළවන්නෙ පෙම් ලෝකයයි
දුරදිග නොබලා
ආදරේ සිතිලා
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

උඩු ගුවනෙ නිල් අඹරෙ
සේද වලාකුළ් අතරෙ
ඔබෙ ගීතෙ යයි පාවෙලා
ඒ ගීත රස දහරෙ
මගෙ ජීවිතේ අහරෙ
නැත නැත මං වී මුලා
සැරිසරමි ඒ මේ අතේ
ඔබෙ ගීතේ මගෙ ජීවිතේ

ආලයයි ආදරය
පිළිගත්තු ආහරය
පෙම් ලොවට පුන් සඳ වගේ
ප්‍රේමවන්තයො නිතර
පෙම්වතියො සනසවන
මී ගොමුව වේ සංගීතේ
මම නළවන්නෙ පෙම් ලෝකයයි
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

පෙම් ගීත අහගන්න
පෙම් ලොවට පිවිසෙන්න
රන් දොර සංගීතයයි
ඒ මිහිර ලැබගන්න
ඉන් ප්‍රීති වී ඉන්න
මග සැදුවෙ ඔබෙ ගීතයයි
සැරිසරමි ඒ මේ අතේ
ඔබෙ ගීතේ මගෙ ජීවිතේ

වේදනා ඉවසන්න
දුක් කඳුළු වගුරන්න
සිදුවේවි පෙම් ලෝකයේ
ඒ සෝක දරා ඉන්න
හැකිවේද දැනගන්න
දෙමි සහය සංගීතයේ
මම නළවන්නෙ පෙම් ලෝකයයි
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

සැමදාම අඬලා
දුක් කඳුළු පෙරලා
සැරිසරමි ඒ මේ අතේ

දුරදිග නොබලා
ආදරේ සිතිලා
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු සහ දයානි සේනාරත්න
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

Sunday, March 3, 2019

මාලෙ සදාගෙන ඕළු මලෙන්

Male Sadagena Olu Malen

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

කවදද කටුමැටි පැලක් තනන්නේ
කවදද අටු කොටු පුරවා ගන්නේ
කවදද රන්වන් කරල් කැපෙන්නේ //
එදාට මැණිකව පැලට ගෙනෙන්නේ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

දාවලෙ ඇඹුලත් ඇයයි ගෙනෙන්නේ
එය ඇගෙ දෑතින් පිළියෙල වෙන්නේ
කවදද මගෙ පැලෙ බතක් පිසෙන්නේ //
එදාට මැණිකා පැලේ සිටින්නේ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

ඈ මා හැර වෙන කෙනෙක් පතන්නෑ
මම මගෙ වචනය වෙනස් කරන්නෑ
නිල්වන් ගොයමට මෙය තේරෙන්නෑ //
හනිකට හනිකට කරල් පැසෙන්නෑ //

මාලෙ සදාගෙන ඕළු මලෙන්
ගෙලේ දමාගෙන රුවට රුවෙන්
මැණිකා එනවිට නියර උඩින්
නිල්වන් ගොයමේ කරල් පැසෙන් //

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

කාටත් නොකියපු රහසක්

Katath Nokiyapu Rahasak

කාටත් නොකියපු රහසක් තිබුණත්
ඔබට නොකිය ඉන්නෑ
කාටත් නොලියපු පදමාලාවක්
ඔබට නොලිය ඉන්නෑ
කාටත් නොපුදපු ආදරෙ මාගේ
ඔබට නොපුදා ඉන්නෑ
ඔබටත් ඔබෙ ඔය ලස්සණ රුවටත්
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ

උදයට පිණි බිඳු තණ අග දිලිසෙයි
හිරු දැක නැතිවෙනවා
වටිනා මාණික කළුගල් අතරෙන්
පොළවේ නිදියනවා
වැලේ සැදුණ ගෙඩි වැලට තුරුල්වී
වැල බර උසුලනවා
පැලෙන් ඇසෙන කවි මලේ සුවඳ මෙන්
ගත සීතල වෙනවා //

කාටත් නොකියපු රහසක් තිබුණත්
ඔබට නොකිය ඉන්නෑ
කාටත් නොලියපු පදමාලාවක්
ඔබට නොලිය ඉන්නෑ
කාටත් නොපුදපු ආදරෙ මාගේ
ඔබට නොපුදා ඉන්නෑ
ඔබටත් ඔබෙ ඔය ලස්සණ රුවටත්
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ

ගලේ කෙටුව රුව ගල් වඩුරාළයි
නොමැකී පවතිනවා
වෙලේ පැසෙන රන් ගොයම් කරල් දැක
රෑන ගිරව් එනවා
දිලේ දිලේ නිල් මැණික් වගේ
වීදුරු කැට දිලිසෙනවා
පණේ පණේ රත්තරන් පණේ මගෙ
පණ ඔබ රැක දෙනවා //

කාටත් නොකියපු රහසක් තිබුණත්
ඔබට නොකිය ඉන්නෑ
කාටත් නොලියපු පදමාලාවක්
ඔබට නොලිය ඉන්නෑ
කාටත් නොපුදපු ආදරෙ මාගේ
ඔබට නොපුදා ඉන්නෑ
ඔබටත් ඔබෙ ඔය ලස්සණ රුවටත්
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ
වැඩිය දෙයක් මට නෑ /////

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු