Showing posts with label ඉඳුනිල් කෞෂාල් රුද්‍රිගූ. Show all posts
Showing posts with label ඉඳුනිල් කෞෂාල් රුද්‍රිගූ. Show all posts

Saturday, June 6, 2015

සියුම් සත්සර හඬ දිදී

සියුම් සත්සර හඬ දිදී
තුරු සුළඟ සමගින් සැණකෙළී
මා සමග අත ගත් සමනලී //
හිරු නැඟෙන තුරු තව මා නිදී
සියුම් සත්සර හඬ දිදී

මධු සමේ සැණසිලි සුව දැනී
ඒ සිහිලසේ ඔබ ඉන්නැතී
පෝරුවෙන් ආ විගසින් අපී
තව ජීවිතේ බර දන්නැතී
ඉතින් නැගිටින් පෙම්බරී
දැන් කොළඹ බස් එක ළඟ ඇති

සියුම් සත්සර හඬ දිදී

මේ පැලේ මම වුව සක්විතී
වැඩපලේ මට කිරුළක් නැතී
රතු ඉරේ අනුහස් දැනි දැනී
ඔය උණුසුමේ තව ඉනු බැරී
ඉතින් නැගිටින් පෙම්බරී
දැන් කොළඹ බස් එක ළඟ ඇති

සියුම් සත්සර හඬ දිදී
තුරු සුළඟ සමගින් සැණකෙළී
මා සමග අත ගත් සමනලී //
හිරු නැඟෙන තුරු තව මා නිදී
සියුම් සත්සර හඬ දිදී

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - ඉඳුනිල් කෞෂාල් රුද්‍රිගූ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ