Showing posts with label නිමේෂ්. Show all posts
Showing posts with label නිමේෂ්. Show all posts

Thursday, August 12, 2021

ඇස් අස්සෙන් සොකරි නටවනා



භාග හඳ පායා ආපු දාක
බටලී ගී ගයන රෑක
කඩුපුල් මෙන් හොරෙන් ඇහැරණා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

වැව පිට වැටිලා නලියන රිදී පාටිනා
අහසින් පැන ජෝඩුකාර
තරුත් බලා ඉටුවන
ආලවඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කළා
හිතට කුමකටද නැකැත් තුළා
පෙර මඟ සුබ ලකුණු ගම පුරා
ඇස් අස්සෙන්

ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

හිත යට පිපෙනා රෑ මල්මාලතී කතා
රහසින් වගෙ පැණි රසකට
රස හිතිලා හිත්වෙන
සබකෝලම පිරිමිකම පුරා
රන් පානට මං වශී වෙලා
දෙව් ලොවකම කියා තේරුණා
මන්දාකිනි මා දිහා බලා
ඇස් අස්සෙන්

ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

භාග හඳ පායා ආපු දාක
බටලී ගී ගයන රෑක
කඩුපුල් මෙන් හොරෙන් ඇහැරණා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ඇස් අස්සෙන් සොකරි නටනවා
ඇස් අස්සෙන් සොකරි නටනවා

ගායනය - නිසල් සත්සර
පද - ගිහාන් චාමික රොද්‍රිගෝ
සංගීත නිර්මානය - නිමේෂ් කුලසිංහ

"ඉස්කෝලේ" ටෙලි සිත්තමෙන්.



ගීයේ වීඩියෝවක්. (මෙම වීඩියෝවේ පූර්ණ අයිතිය "දෙරණ" රූපවාහිනිය සතුය)