Showing posts with label ප්‍රේමසිරි බාලචන්ද්‍ර. Show all posts
Showing posts with label ප්‍රේමසිරි බාලචන්ද්‍ර. Show all posts

Monday, April 13, 2015

සඳයි තරුයි අහසෙ පායලා


සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

මා පෙරදා මගදී හමුවී
මදහස් රැළින් කියූව ආදරේ
ඈ නෙතගින් තෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහිවුනේ

සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

මා සැමදා ඉපිලී සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවණේ රඳවා සැනහී
ගොළු ආදරේට ජීවෙ යා කළා

සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමසිරි බාලචන්ද්‍ර
තනුව - උපාලි කන්නංගර