සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා
මා පෙරදා මගදී හමුවී
මදහස් රැළින් කියූව ආදරේ
ඈ නෙතගින් තෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහිවුනේ
සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා
මා සැමදා ඉපිලී සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවණේ රඳවා සැනහී
ගොළු ආදරේට ජීවෙ යා කළා
සඳයි තරුයි අහසෙ පායලා
සිඳුයි රැළියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමසිරි බාලචන්ද්‍ර
තනුව - උපාලි කන්නංගර
No comments:
Post a Comment