ඔබට මතක නෑ
මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ
සමනළ සමය අපේ ...//
එකම පාසලේ එකම පංතියේ
හොඳම සිසුන් විලසින්
දස්කම් පෑ හැටි මතකද පෙරදා
අප ගුරු සිත් දිනමින්
ඔබට මතක නෑ
මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ
සමනළ සමය අපේ
එකම මවකගේ දරුවන් වාගේ
බැඳුණු සමය ගෙවමින්
වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ
ඔබ මා වෙන් කරමින්
ඔබට මතක නෑ
මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ
සමනළ සමය අපේ ...//
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment