Showing posts with label මේඝා මල්හාරි ගෝකුල. Show all posts
Showing posts with label මේඝා මල්හාරි ගෝකුල. Show all posts

Wednesday, January 16, 2019

බැද්ද පුරා පියාඹන්න

බැද්ද පුරා පියාඹන්න
මී අඹ වල රස බලන්න
අම්මේ මට කියා දෙන්නකෝ

පුංචි දෝනි මේ අහන්න
පුංචි පියාපත් සලන්න
තවත් කලක් ඔහොම ඉන්නකෝ

ඉපනැල්ලේ ඇවිද යන්න
වී කරලක් ඇහිඳ ගන්න
පුංචි මටත් කියා දෙන්නකෝ

පුංචි පැටියො මේ අහන්න
අළුත් ලොවට පියාඹන්න
හෙමින් හෙමින් පුරුදු වෙන්නකෝ

බැද්ද පුරා පියාඹන්න
මී අඹ වල රස බලන්න
අම්මේ මට කියා දෙන්නකෝ

පුංචි දෝනි මේ අහන්න
පුංචි පියාපත් සලන්න
තවත් කලක් ඔහොම ඉන්නකෝ

කන්ද එහා මිටියාවත
වැලි තලයේ දුව පනින්න
කැදලි දොරෙන් පියාඹන්නදෝ

පුංචි කැදැල්ලෙන් එහාට
නුඹ නොදකින ලෝකය තුල
සතුරො මිතුරු වෙසින් ඉන්නවෝ

බැද්ද පුරා පියාඹන්න
මී අඹ වල රස බලන්න
අම්මේ මට කියා දෙන්නකෝ

පුංචි දෝනි මේ අහන්න
පුංචි පියාපත් සලන්න
තවත් කලක් ඔහොම ඉන්නකෝ

යනය - පුෂ්පමාලා සුභසිංහ සහ මේඝා මල්හාරි ගෝකුල
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි