Showing posts with label රුවන් වල්පොල. Show all posts
Showing posts with label රුවන් වල්පොල. Show all posts

Sunday, February 5, 2017

කුරුල්ලන්ගේ තටු සින්දොත් (මලික්)


කුරුල්ලන්ගේ තටු සින්දොත්
අහස් තලේ... දුර මනින්න
වලාකුළක
හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතිං තවත් හැකිද.. ඕ... හෝ..
උන්ට ..

(යේ හේ....)

වරල් බිඳුණු.. මාළුවෙකුට
සයුර පතුළෙ කිමිදී යන්න
සැඩ පහර මතින්
රළ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න ... අ.... හ....
ඉතිං තවත් හැකිද..  ඕ... හෝ.. 
උන්ට ..

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු.. ලන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
ඉතිං තවත් හැකිද..  ඕ... හෝ..
උන්ට

ගායනය - මලික් පෙර්රා
පද - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය - රුවන් ශ්‍රි වල්පොල

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.

කුරුල්ලන්ගෙ තටු සින්දොත්


කුරුල්ලන්ගෙ තටු සින්දොත්
අහස් තලේ දුර මනින්න
වලාකුළක හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න
ඉතිං තවත් හැකිද උන්ට

මී මැසි තුඩු සිඳ දැම්මොත්
බිඟුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙමි අතරේ මුදු පහස ලබා
මලක සුවඳ පතුරාලන්න
ඉතිං තවත් හැකිද උන්ට
උන්ට ...

වරල් බිඳුණු මාළුවෙකුට
සයුර පතුළෙ කිමිදී යන්න
රළ පහර මතින් සැඩ බිඳ දමමින්
ගල් පර තුළ සිරි දකින්න
ඉතිං තවත් හැකිද උන්ට

යෞවනයට වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු දමන්න
සුවඳ සිතුම් මල් පිපෙන්න
නාඹර තුරු ඵල දරන්න
අවසරයක් නැහැනේ නේද

වෝ... වෝවෝ වොව්හෝ...
වෝ.. වොව් වොව් වෝ....

වෝ... වෝවෝ වොව්හෝ...
වෝ.. වොව් වොව් වෝ....

ගායනය - ඉන්ද්‍රචාප ලියනගේ
පද - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය - රුවන් ශ්‍රි වල්පොල

2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


Tuesday, October 4, 2016

නොසිතූ විලස ඔබ

නොසිතූ විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවූ බව දැනුණේ
හිමි නැති ලොවක් මට අද ඔබගේ සෙවණේ
ආපසු හැරෙණු බෑ මට මේ සංසාරේ

අඳුරු මාවතේ
අප හමුවී ලොවට හොරා
පෙම් හසරැලි ගලා යයි හාදු මැදින්
ඒ සුවඳ නුඹේ පෙර නොවු ලෙස තුරුලෙන්
හැර යන්නෙ කෙලෙස ඔබ මා
මේ ලොවට හොරෙන්

නෙතු පෙඟුණා හද සැලුණු ඔබම නිසා
රුව මැවුණා හඬ ඇසුණා ගුවන පුරා
යලි ඔබ හිනැහී මගෙ හදවත පිරුණා
ඔබ හැර වෙන ලොවක් මට නැති බව දැනුණා

නොසිතූ විලස ඔබ මා දුටු ඒ දවසේ
පැතු පැතුමක් විලස අප හමුවූ බව දැනුණේ
හිමි නැති ලොවක් මට අද ඔබගේ සෙවණේ
ආපසු හැරෙණු බෑ මට මේ සංසාරේ

ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - ප්‍රියන්ත පෙරේරා
තනුව - රුවන් වල්පොල



Nosithu Vilasa Oba - Samitha Mudunkotuwa