Showing posts with label රත්මලේ බන්දුල ගුණවර්ධන. Show all posts
Showing posts with label රත්මලේ බන්දුල ගුණවර්ධන. Show all posts

Wednesday, July 10, 2019

තොරොම්බෝල් එල්ලාගෙන




තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

අහස පැලී කැඩී විසිර වැටෙයි මල්වෙඩී
ගිටාර් ජෑස් වියෝල හඬ මිතුරේ හිනැහේ
ලක් මවගේ හදවත ඉරිතලා වෙඩි වැදී
මිතුරෙ කෝල කවට සිනා කුමන ගිණිකෙළී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

බාල ළමා සුකොමල හැඳ පැළඳ රූසිරී
මල් උයනක පාට පාට සමනලුන් වැනී
කඳුළු මැදින් වියැකී යන ළමා රූසිරී
පල්ලියෙ පන්සල් දොර මාවතේ හිඳ යදී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

එන්ඩ කන්ඩ බොන්ඩ මිහිරි සාජ්ජෙකී මේ
ඉන්න ටිකේ නටා ගයා මළත් සැපතකී
හිඟා නොකා හිඟා කකා ගයන ගීයකී
භයින් සාගතේ සුපතල කේතුමතියකී

ගායනය - නිර්මලා රණතුංග
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - විජේරත්න රණතුංග

Wednesday, September 28, 2016

මිටින් මුදා හැර බැලුවෙමි


මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//

සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියත් නිවී යාවිදෝ

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී

ගරා වැටෙන මහ වැස්සට සේදී
මලෙක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වූවත්
අපට දැනුන සුවඳ මැකී යාවිදෝ

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - විජේරත්න රණතුංග


Song - Mitin Muda Hera Baluwemi
Singers - Edward Jayakody & Nirmala Ranathunga
Lyricist - Rathmale Bandula Gunawardana
Composer - Wijerathna Ranathunga

Sunday, June 14, 2015

වසන් කරන්නට බෑ මගෙ හිත අද

ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...
ආ ආ ආ ආ...

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා ...//

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමලු වෙන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා

දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ
වැළපෙන පෙම් ලොව කඳුළ දකින්නද
පෙම් මල් පූදින්නේ

වසන් කරන්නට බෑ මගෙ හිත අද
පෙම් මල් පූදිනවා
සෙනෙහස ඉපදී සුවඳින් මත් වී
පෙම් මල් පූදිනවා ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - එච්.එම්. ජයවර්ධන

Wednesday, April 8, 2015

හඬ හඬා තැවෙන මතකයෙන්

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්
මලක් සිතා ළංවෙමින්
සිඹිමි නුඹව සෙනෙහසින් ...//
හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

සයුරු දියේ යට කිමිදී
ගෙනා මුතු අහුර සේ ...//
මා සිත් දිය ගැඹරේ කිමිදී
ඔබ ගෙනා ආදරේ මේ

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

කුරුලු තටුවකින් ගිලිහී
සෙවූ සිත සුමුදු වී ...//
රෑ අහසේ නිල් එළි දල්වා
නෙතු ඔබේ දිලී දිලෙනා

හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්
මලක් සිතා ළංවෙමින්
සිඹිමි නුඹව සෙනෙහසින්
හඬ හඬා තැවෙන මතකයෙන්
පිසදමා කඳුළු මුළුමනින්

ගායනය – ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය - සරත් වික්‍රම

Anyone who has the link can play this song in your "Smart Phone"

කොළොම් තොටින් නැව් නැග්ගා


කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට ...//

බෝනික්කන් ඇස් නටවන
ලස්සන හුරුබුහුටි කමට
නැවෙන් ඇවිත් කොළොම් තොටට
ගොඩබැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන්
මිලදී ගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව
පුරවන්නේ ඒ වෙනුවට

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට

මව් තුරුළේ පිපෙන මලට
ලන්සු තියන නොමිනිසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරු වෙලා කාසි වලට
කොළොම් තොටින් නැව් නැග්ගේ
අපේ රටේ මනුස්සකම

කොළොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොළොම් තොටට ගොඩ බැස්සේ
අමන කමයි ඒ වෙනුවට ...///

ගායනය ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Wednesday, March 25, 2015

සිහිනයේ දොරකඩ


සිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුලන
සැඩ මාරුතයක් විය ඔබ මට ...//

මේ තරම් කඳුළු වරුසා (ආ... ආ...)
මේ තරම් කඳුළු වරුසා
මේ තරම් ඇයි සොඳුරු යෞවනයට
ජීවිතය මැකෙනා
අවපසේ සඳ විලසට

සිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුලන
සැඩ මාරුතයක් විය ඔබ මට

රැයෙන් රැය දිගු කාලයක් වී (ආ... ආ...)
රැයෙන් රැය දිගු කාලයක් වී
මේ තරම් ඇයි දුකක් ඔබ අහිමිව
සෙනෙහසින් වඩිනා
හද සුවඳ කෝ කොතැනද

සිහිනයේ දොරකඩ
නොපිපෙන පැතුමකි ඔබ මට
නිදි නැති සිත ගිනි අවුලන
සැඩ මාරුතයක් විය ඔබ මට

ගායනය - ප්‍රදීපා ධර්මදාස
පද රචනය - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ