අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//
මී අඹ තුරු සෙවණැල්ලේ
බැඳුණු රුවන් ඕවිල්ලේ
හමන පවන් සිහිලැල්ලේ
ඉහළ නඟිමු නැළැවිල්ලේ
මලින් මලට බඹර දැලේ
මියුරු කිකිණි බිකිනි සැලේ
වසත් කුමරි එමට රුවේ
හැකක් නෑර සතුට ගෙනේ
මල්වාරම් හඬ දෑලේ
ඇසේ ඇසේ නව තාලේ
දැනගෙන අත්වැල් මාලේ
අපිත් නගිමු පෙම් ඊලේ
අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ අමිතා වැදිසිංහ
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව