Wednesday, December 4, 2013

අම්බිලියෝ අම්බිලියෝ


අම්බිලියෝ අම්බිලියෝ පුතා නිදනවෝ
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ

වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ

වලා පෙළින් එහා රටේ
ළමා සුරංගනාවෝ
දේදුන්නේ පාට හොරා
කැකුළු තොලෙන් සුවඳ උරා
සීන ලොවින් ටිකිරි සිහින
පුතුට ගෙනාවෝ
පුතුට ගෙනාවෝ

වලා පෙළින් සේල තනා
තරු අමුණා මාල තනා
රන් තැටියේ
සිනා පෙරා
රන් තැටියේ සිනා පෙරා
පුතුට අරන් වරෝ

ගායනය: අමිතා වැදිසිංහ
පද රචනය: මහගම සේකර
තනුව හා සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්‍රපටියෙන්

No comments: