Wednesday, December 4, 2013

රන් දොරින් එන්න ආදරේ

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා ...//

මිහිරි සමීරෙකී
මාගේ උදානයේ ...//
සීතල යාමේ ජීවේ
සිහින විමානයේ

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා

මා හදේ ආශා
නිවි නිවී යාදෝ ...//
සහන් සුවේ දිදී
නුරා උතුරාදෝ

රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා ...//

ගායනය: අමිතා වැදිසිංහ
පද රචනය: කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය: වික්ටර් දළුගම

No comments: