Showing posts with label දේවානන්ද වෛද්‍යසේකර. Show all posts
Showing posts with label දේවානන්ද වෛද්‍යසේකර. Show all posts

Friday, September 11, 2026

ඈත පිටිසර මහ කැලෑවක

ඈත පිටිසර මහ කැලෑවක

ගහක අතු කොළ රිකිලි දාලා

තරුණ වයසට එළඹ ඒ ගස

නටන්නට වනි ඔමරි පාලා

හිතක් පපුවක් නැති ගහේ මැද 

හදවතක් ඒ කවුරු කෙටුව ද


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


ඒ අසල සිටි හාතවාරිය

වැලක් ඒ ගස දිහා බලලා

අඟර දාලා දඟර පාලා 

ඉමක් නැති පෙම් බස් දොඩාලා

ගොහින් බඩ ගා ඒ ගහේ කඳ 

වටේ එතුණිය පාට විඳ ගෙන


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


කලක් ගතවුණි වැලත් මේරුණි

මුළු ගසම දැන් වැලේ පැටලුණි

එයින් තෘප්තිය නොලත් එවැලට

අසල තිබි තව ගසක් හමුවුණි


සිව් සැටක් මායම් දමා

ඒ ගහෙත් වැල පැටලුණා


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


බොල් ගහේ කඳ මැද කොටා ගිය

හෘදවස්තුව ළඟම සිටි ඒ

වැලේ කටුවක් ඇණී හදවත

සිදුරු වී ඉන් රුධිරෙ ගැලුවේ


කාගෙ හදවත දෝ අනේ ඒ 

කවුද කෙටුවේ මේ වනේ


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


ජීව ශක්තිය පිරිහිලා ගිය

ගහේ කොළ අතු මැරී ⁣හේළුණි

කොහේ ඉඳලද කවුරු එව්වද

නොදත් සුළඟක් කොහෙන් ආවද


ගස් දෙකම බිම පෙරළුවා

වැල කැඩී සුළඟට ගියා


ආදරේ රඟ පෙන්නලා

ප්‍රේමයේ රස නංවලා


ගායනය - දයා නෙල්ලම්පිටිය සමග දේවානන්ද වෛද්‍යසේකර

පද - සිරිසේන විමලවීර

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.


මෙය නාමාවලිය හා පසුබිමෙන් වාදනය වන ගීයයි.




Friday, November 30, 2018

හඳ පායා සිනාසේවී




හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ඔබ ඊයේ හැන්දෑවේ
ගැයූ පැල් කවියේ රාවේ
තව මහදේ රැඳී
රස පෑරී නැඟේ
රස පෑරී නැඟේ සුහදේ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී
හේනේ කුරක්කන්
සුළඟේ සැලෙද්දී

ඔබගේ මුහුණෙ සොබා මැවුණා
ඔබගේ මුහුණෙ සොබා මැවුණා
සේදී සේදී ගොස් පාළුව රජවූ
මා හද රසයෙන් පිරුණා

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

බාලේ සිටන් අපී රස ගී ගයලා
බාලේ සිටන් අපී රස ගී ගයලා

එක්ව විහිළු කළා නොවෙදෝ
එක්ව විහිළු කළා නොවෙදෝ
සිහිවේ සිතූ දේ ඵල බරවීලා
කුරහන් පැසුණා නොවේදෝ

හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ ...//

රස පෑරූ ගමේ මනහාරී මගේ
මනහාරී මගේ මැණිකේ
හඳ පායා සිනාසේවී
ඔබගෙ මූණේ උදාවී ඒ

ගායනය - චන්ද්‍රාණි ගුණවර්ධන සහ දේවානන්ද වෛද්‍යස්කර
පද - මඩවල එස්. රත්නායක
තනුව - දේවානන්ද වෛද්‍යස්කර


(චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ ය)
 

Monday, April 27, 2015

ආශා දෑසින් දකිනා සිහිනේ

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..//

ආ මඟ දෑලේ පිපි මල් කර වී
නෑ ඵල හට ගන්නේ

සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ ..//

තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා ...//

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..//

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

1965 දී තිරගතවූ "සාමා" චිත්‍රපටියේ ගීයකි. මෙම චිත්‍රපටියේ පසුබිම් සංගීතය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ වුව ගීයේ තනුව දේවානන්ද වෛද්‍යසේකර‍ ගේය.

Friday, March 27, 2015

පවන් සුසුම්

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැඟේ සංයෝග පෙම් ගී තරංගා

පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී
අභිෂේක යාමේ උදාවී තිබේ

මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවී තිබේ

පවන් සුසුම් දැලින් වෙළී ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොණින් සුපෙම් හැඟුම් නින්නාද නැංවූ තරංගා
සුසුම් ළඳුන් බිඟුන් මුවින් අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න වැව් තීරේ නැඟේ සංයෝග පෙම් ගී තරංගා

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා  දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

තරංගා චිත්‍රපටියෙන් (1975)


Monday, March 23, 2015

සතුට විලයි සැපත මලයි

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

මළ ඊයෙට ඇයි අඬන්නේ
මොකටද හෙට ගැන හිතන්නේ ....//

කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
සිනාව ආවම කොතැනද ඉන්නේ ...//

මල් කෙමියේ පැණි පෙරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ ....//

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය - නිමල් වික්‍රමසේකර
තනුව / සංගීතය – ජයතිස්ස අලහකෝන්
දහසක් සිතුවිලි චිත්‍රපටියෙන්