Monday, April 27, 2015

ආශා දෑසින් දකිනා සිහිනේ

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..//

ආ මඟ දෑලේ පිපි මල් කර වී
නෑ ඵල හට ගන්නේ

සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ ..//

තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මඟ දිග යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා ...//

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා

ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා ..//

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - දේවානන්ද වෛද්‍යසේකර
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

1965 දී තිරගතවූ "සාමා" චිත්‍රපටියේ ගීයකි. මෙම චිත්‍රපටියේ පසුබිම් සංගීතය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගේ වුව ගීයේ තනුව දේවානන්ද වෛද්‍යසේකර‍ ගේය.

No comments: