Monday, April 27, 2015

මඟ හිඟනකොටත්

මඟ හිඟනකොටත්
මඟ හිඟනකොටත් උණ උණු බත් කන්න ලැබෙනවා
උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා
උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා ...//

මහබඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා
මහබඹා කෙටූ
මහබඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා
කවුද දන්නෙ හෙට මොනවද වෙන්නෙ කියාලා //
රෑයි දවාලයි ගෙවන්නෙ මගදි මාවතේ //
හෙටයි කියා දවසක් නෑ අපේ ජීවිතේ

මඟ හිඟනකොටත්
මඟ හිඟනකොටත් උණ උණු බත් කන්න ලැබෙනවා
උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා //

ඇයි දන්න අපට බොරු මොකටද ගොතල කියන්නේ
ඇයි දන්න අපට
ඇයි දන්න අපට බොරු මොකටද ගොතල කියන්නේ
පැදුරෙ ඉඳල අපි කොහොමද බිමට වැටෙන්නේ
ඕ පැදුරෙ ඉඳල අපි කොහොමද බිමට වැටෙන්නේ
මොකද දාදුවත් මල්ලී දිණුමට පෙරළේ //
කාලය හොඳනම් බමරය කැරනෙයි වැල්ලේ //

මඟ හිඟනකොටත්
මඟ හිඟනකොටත් උණ උණු බත් කන්න ලැබෙනවා
උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා
උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා
මඟ හිඟනකොටත්

ගායනය - ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, මො‍හිදීන් බෙග්, සී. ටී. ප්‍රනාන්දු සහ ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "චණ්ඩාලි" චිත්‍රපටියේ ගීයකි.

No comments: