Tuesday, April 28, 2015

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

පන්සල පල්ලියෙ කෝවිල හන්දියෙ බස් නැවතුම් පොළෙ පෝලිමෙ හැමතැන
කාගෙත් හොඳහිත සමග බෙදිගෙන කාලා බලන්

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

කරඳමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි //
මේවා නිසි පදමට ගෙන කටට රහට

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්

සිරි සාර බුලත් විට කාලා බලන්
හොඳ නංගී වරෙන්
පොඩි මල්ලී වරෙන්

කට සුවඳ කරයි
දත් පණුවෝ නොකයි
සිරි සාර බුලත් විට කාලා බලන්

ඇති නෑදෑකම් තහවුරු වෙන්නට
නැති නෑදෑකම් ඇතිකර ගන්නට
සැපතට විපතට ගමනට බිමනට කාලා බලන්

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි

කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි
ඉඟුරුපියලි කොත්තමල්ලි චුන්නපූග නාගවල්ලි //
මේවා නිසි පදමට ගෙන කටට රහට

සිරි සාර බුලත් විට කාලා බලන්

ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - මහගම සේකර
තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
1965 දී තිරගතවූ "සාරවිට" සිනමා කෘතියට නිර්මානයවූ ගීයකි.


පසු කලෙක කළ ගායනයක්

No comments: