Monday, March 23, 2015

සතුට විලයි සැපත මලයි

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

මළ ඊයෙට ඇයි අඬන්නේ
මොකටද හෙට ගැන හිතන්නේ ....//

කඳුළයි ඉකියයි ඇයි පිළිගන්නේ
සිනාව ආවම කොතැනද ඉන්නේ ...//

මල් කෙමියේ පැණි පෙරෙන්නේ
ජීවිතයේ රස තියෙන්නේ ....//

සතුට විලයි සැපත මලයි
නෙළුවොත් මල අතින් එකයි ...//
පමා වුනොත් මල පරවෙයි //
ඉරට යටින් හඳට යටින් //
කාලය පැන යනවා //

ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
පද රචනය - නිමල් වික්‍රමසේකර
තනුව / සංගීතය – ජයතිස්ස අලහකෝන්
දහසක් සිතුවිලි චිත්‍රපටියෙන්

No comments: