Monday, March 23, 2015

රෑ සීතල මුතු පින්නේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ ...//

මල් පාවඩ අතුරාලා
අප ගියෙ දුර පියමං කරලා ...//
නොපෙනෙන ඈතක මා රඳවා
ඔබ කොහෙද ගියේ
ඔබ කොහෙද ගියේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ

සුළඟ ලෙසින් ඔබ ඇවිදින්
යළි සුළඟ ලෙසින් වෙන්වී
සිහින විමන් දොර කවුළු වසා
ඔබ නෑ දුටුවේ
ඔබ නෑ දුටුවේ

රෑ සීතල මුතු පින්නේ
මල් සුවඳක අප උන්නේ
ඒ සුවඳ මැදින්
සිතුවිලි අතරින්
අප ඒ ලොවමයි රැඳුණේ
අප ඒ ලොවමයි රැඳුණේ

ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය - මාලිනී වික්‍රමසිංහ
තනුව - ඉන්ද්‍රාණි බෝගොඩ

No comments: