Tuesday, March 24, 2015

බිංදු බිංදු රන්

බිංදු බිංදු රන් ගෝමර මාලා
බන්දා ගෙල වට ඔමරි ලතාවට
කන්දෙන් පාවී
කන්දෙන් පාවී ලන්දට බසිනා
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි ....//

හුරු නැති මලක ගොස් උගුලක වැටෙනු එපා
කළුවර ගලද්දී තනි මග ඇදෙනු එපා
සිරිකත මැවූ සිරි දෙනයන මකනු එපා
පිරිවර සොයා මා තනිකර යන්න එපා

කුන්ද සමන් පෙති සුවඳ හළාලන
රන් හිරුරැස් කෙඳි දෙරණ සිඹින විට
මන්දැයි තවමත්
මන්දැයි තවමත් ලන්දට නාවේ
රන්වන් රන්වන් මගෙ රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි
රන් වන් රන් වන් රන් කිකිළි ...//

ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය - මඩවල එස්. රත්නායක
තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

No comments: