Tuesday, March 24, 2015

When did I meet you, my love

When did I meet you, my love
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow

Only in time eternal I’ll know
This love is it real is it true
Was it yesterday today or tomorrow
That we met my love me and you

When did I miss you my love
Was it yesterday today or tomorrow
I’ll say au revoir my love
For yesterday today and tomorrow

When did I meet you, my love
Was it yesterday, today or tomorrow
When did I leave you my love
Was it yesterday today or tomorrow


ගායනය - ඩෙස්මන්ඩ් ද සිල්වා / නිමල් මෙන්ඩිස්
පද රචනය - නිමල් මෙන්ඩිස්
තනුව -  නිමල් මෙන්ඩිස්

සිංහල සිනමාවේ 391 වැනි චිත්‍රපටියයි 'සීතා දේවි'.
1978 දී තිරගත වූ මේ චිත්‍රපටියේ එක් විශේෂිත ගීයක් තියෙනවා.
එම ගීය නිර්මාණය වූයේ චිත්‍රපටියට නොවෙයි. එය නිමල් මෙන්ඩිස් තම ප්‍රියම්බිකාව වූ රංජනී මෙන්ඩිස් වෙනුවෙන්ම ලියූවක්. "When did I meet you, my love" ගීයේ තනුව නිමල් මෙන්ඩිස් ම නිර්මාණය කර ඔහු විසින්ම ගැයූ ගීයක්. 

'සීතා දේවි' චිත්‍රපටියට මේ ගීය ගැයුවේ ඩෙස්මන්ඩ් ද සිල්වා. එම තනුවට සිංහලෙන් ගීය ගැයුවේ පණ්ඩිත් අමරදේවයන්. සිහල ගීය රචනා කළේ ඔගස්ටස් විනයාගරත්නම්. 'සීතා දේවි චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය නිමල් මෙන්ඩිස් ගෙ. නිම් හිම් සෙව්වා ගීය ට පිවිසුම


ටීවී දෙරණ ඉදිරිපත් කළ "Singhagiri Studio ( 30-06-2017)" වැඩසටහනට ඩෙස්මන්ඩ් ද සිල්වා මේ ගීය ගැයූ අයුරු


2013 වසරේ නිෂ්පාදිත 'සසර වසන තුරු' සංගීත ප්‍රසංගයෙන් උපුටා ගත් කොටසක් මෙිහි ලා ඉදිරිපත් කරන්න කැමතියි. (ජාතික රෑපවානියට ස්තුතිය)
සමන් අතාවුදහෙට්ටි පූරක ලෙස කටයුතු කළ මෙහි, නිමල් මෙන්ඩිස් ද සහභාගි වූ අමරදේවයන් ගේ මේ ගැයුමට සවන් දෙන්න.


No comments: