ගල් අරඹේ සිටින්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
පුතු ගැන සිහි කරන්නියා
ඇස කඳුළැලි සලන්නියා ...//
නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ ...//
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ ...//
කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා ...//
රන් තැටියේ පුරවාලා //
කිරි අරගෙන එයි අම්මා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා ...//
පුතු ගැන සිහි කරන්නියා
ඇස කඳුළැලි සලන්නියා //
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා ///
ගායනය: අමිතා වැදිසිංහ
පද රචනය: මහගම සේකර
තනුව: පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ආදරයයි කරුණාවයි චිත්රපටියෙන්
No comments:
Post a Comment