Wednesday, December 4, 2013

එක මොහොතක්



එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් ..//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි ...//
මල් පොකුරකි එක නටුවකි ඒ බව සැබවි //
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් ..//

පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා ...//
මග සළකුණු දක්වා හිනැහෙන එළි පතුරා //
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම් ..//

ගායනය: අමිතා වැදිසිංහ සහ මර්වින් පෙරේරා
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව: මර්වින් පෙරේරා

No comments: