Monday, April 13, 2015

දෙඅදර විලිකුන් සුරත් ඵලේ

දෙඅදර විලිකුන් සුරත් ඵලේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ ...//

මුවරද රොන් සුනු සුවඳ විතේ
පෙම් මදිරා අයදිමින් යතේ
නිලුපුල් නෙත් ගත් තඹුරු විතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
සීත මීදුම් සිහිනයක් වාගේ

දෙඅදර විලිකුන් සුරත් ඵලේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ

මධුවිත සැණෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ළතවෙනවා
ජීවිතේ පිණි බිංදුවක් වාගේ

දෙඅදර විලිකුන් සුරත් ඵලේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ ...//

සීත මීදුම් සිහින වැල් පැටලේ ///

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: