අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා ...//
අමා රන් හැඟුම් පිරී
නලවැල් වැදීලා
රුවලත් ඉරිලා
රළ වැල් ගැටීලා
නෞකා බිඳී
වැනසී ගියා
අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී
වන මල් පිපේදෝ
බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ
ඔබගේ හදේ
කිසිදා ළඳේ
අමා රන් හැඟුම් පිරී
සෙනේහේ බිඳීලා
කඳුළැල් ගලා යාවි
දෙනුවන් විඩා වූවා ...//
අමා රන් හැඟුම් පිරී
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්
ස්ටැන්ලි පීරිස් ශිල්පියාගේ ප්‍රථම ගී තනු නිර්මානය මෙයයි.
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment