ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී
අතීතයේ බොරළු තලා
පිනට ඔබේ සැඟවීලා ...//
තුෂාරයේ සිහිල වෙළා
දිය දහරා මතු වීලා
ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී
සදාදරේ අමා සරේ
හැඬවු ළඳේ මහද වෙණේ ...//
ජීවිතයේ සොඳුරු සුවේ
ඔබේ සිනා රැල්ල ගෙනේ
ආදරයේ මිහිර රැඳී
වියෝගයේ සුසුම් මැකී
සෙනේහයේ සුවය රැඳී
මහද පැසේ පැතුම් පිරී
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
1969 දී නිකුත් කළ Best Hits of Milton Mallawarachchi EP තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Philips JVPC 1061
No comments:
Post a Comment