Monday, April 13, 2015

දරන්න බැ මේ වේදනාවන්


දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන් ....//

එදා මෙදා තුරා දුටූ ලෝකයේ තතූ
මතක්වෙලා සිතක් හඬයි ආදරෙන් යුතූ
පාළු ලෝකයක් වෙලා දැන් නෑ කිසිත් සතූ
දූලි වී ගියා වගේ ඒ පැතුම් පැතූ

දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන්

එදා දුටූ අනාගතේ දැන් සිහිනයක් වෙලා
හැරී බැලූ අතීතයත් ඒ වගේ වෙලා
අතීතයයි අනාගතෙයි සිහින වූ මගේ
ජීවිතේ හුමාල වී යාවිදැයි හැඟේ

දරන්න බැ මේ වේදනාවන්
කරන්න නැ දෙයක් ඉතින්
බිඳී ගියේ අපේ පැතුම්
අවාසනාවෙන් අසමගියෙන් ....//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

No comments: