Monday, April 13, 2015

මට මෙන් ඔහුටද කඳුළ ඔබයි


මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි හසරැල්ල ඔබයි ....//

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබෙ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ

මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි හසරැල්ල ඔබයි

කිසිවෙකු රිදවා හිනැහෙනු බෑ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුබ පතමි
ඔබටද ඔහුටද සුබ පතමි

මට මෙන් ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි හසරැල්ල ඔබයි ....//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ඝණ අඳුරේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.

(තැටි අංකය Gemtone / OME 34)

No comments: